Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අද සුළං සහ වර්ෂා තත්වයේ වැඩි වීමක්

|Thu, 06 August 2020|Security| Page Views :

දිවයින හරහා සුළං තත්වයේ වැඩි වීමක් සහ නිරිතදිග ප්‍රදේශයේ වර්ෂාපතනය ඉහළ යාමක් අද (6) අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව, බස්නාහිර,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.

උතුරු, උතුරු-මැද, වයඹ සහ බස්නාහිරපළාත් වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්ක වල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මි.(50-60) දක්වා තද සුළං ඇති විය හැකි යයි අපේක්ෂා කෙරේ.

අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර, කිරිඇල්ල, මතුගම, පාදුක්ක, හෝමාගම, අවිස්සාවේල්ල, පයාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල විදුලිය බිඳ වැටීම් සිදු වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න