Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආහාර වර්ජිත රැඳවියන් 14ට බසී

|Mon, 14 September 2020|Miscellaneous| Page Views :

බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ නිරත රැඳවියන් සංඛ්‍යාව 14 දක්වා අඩුවී තිබේ. කෙසේ වෙතත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන පොඩි ලැසී, කොස්ගොඩ තාරක, කංජිපානි ඉම්රාන් සහ වෙලේ සුදා පස්වන දිනටත් ආහාර වර්ජනයේ නිරතවන බවට වාර්තා වි ඇත.

එමෙන්ම, මාතර කොටුවේ පිහිටි බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් කිසියම් පුද්ගලයෙකු ඊයේ (13) පාර්සලයක් විසි කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එය දුටු බන්ධනාගාර නිලධාරියෙකු අහසට වෙඩි තබා තිබේ. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් පලාගොස් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේය.

මේ අතර, කළුතර උතුර පොලිස් සිරමැදිරියෙහි රඳවා සිටි සිරකරුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබේ. උග්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මෙම පුද්ගලයා හෙරොයින් චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (13) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණාය.

එමෙන්ම, බුලත්කොහුපිටිය - වරකාහේන ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමග පුද්ගලයෙකු ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න