Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් කොටසක් ආයෙත් විනාශ කරලා

|Thu, 22 October 2020|Security| Page Views :

හලාවත ආනවිළුන්දාව ජාත්‍යන්තර රැම්සා තෙත් බිම් කුරුලූ අභය භූමියේ කොටසක් නැවතත් අනවසරයෙන් විනාශ කර ඇති බව පරිසර සංවිධාන පවසයි.

මෙසේ ආනවිළුන්දාව පිංකට්ටිය ප‍්‍රදේශයේ, පිංකට්ටිය වැවට ආසන්නයේ අක්කර එකහමාරක පමණ භූමි ප‍්‍රදේශයක් හෙළි කර තිබේ. වල්බෙලි, සියඹලා ඇතුළු ශාක වර්ග කපා බිමහෙළා ඒවාට ගිනි තබා තිබේ.

පසුගිය දින දෙකක පමණ කාලයේදී මේ කටයුතු කර ඇති අතර මේ සඳහා බැකෝ යන්ත‍්‍රයක් ඇතුළු තවත් යන්ත‍්‍ර සූත‍්‍ර රැුසක් භාවිතා කළ බව පිංකට්ටිය ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික සුනිල් රන්ජන් මහතා පැවසීය. හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ එම කපන ලද ප‍්‍රදේශයේ වසර හතළිහක පමණ කාලයක සිට වනාන්තරය දැක ගන්නට ලැබුණු බවයි. අනාවිලූන්දාව අභය භූමියේ සතුන් වැඩි ප‍්‍රමාණයක් ගැවසී ඇත්තේ ද මේ ප‍්‍රදේශයේ බව වාර්තා වෙයි.

මේ වන විනාශය සිදු කරන ලද පුද්ගලයා පිංකට්ටිය වැව් බැම්ම අයත් ප‍්‍රදේශයට ද හානි කර ඇත. එහි ඇති විශාල කුඹුක්, සියඹලා ඇතුළු ගස් කීපයකට බැකෝ යන්ත‍්‍රයෙන් හානි කර ගිනි තබා තිබේ.

මේ පිළිබඳව කළ විමසීමේදී ආනවිළුන්දාව කුරුලූ අභය භූමිය භාර වන ජීවී අඩවි සහකාර ඩබ්ලිව් . එල්. පී. බී. උපනන්ද මහතා කියා සිටියේ වගා කිරීම සඳහා මේ භූමිය හෙළි පෙහෙළි කිරීමට පුද්ගලයකු අවසර ඉල්ලා සිටියත් ඒ සඳහා කිසිදු අවසරයක් ලබා නොදුන් බවයි.

මේ ප‍්‍රදේශයේ තිබූ වටිනා කුඹුක් ගස් දහයක් පමණ කපා දමා ඇති අතර ඉන් විශාල ප‍්‍රමාණයක් ගිනි තබා ඇති බව ද පැවසීය. මේ පිළිබඳව නීතිය ක‍්‍රියාත්මක කරන බව ද ඩබ්ලිව්. එල්. පී. බී. උපනන්ද මහතා වැඩිදුරටත් පැවසීය.

මේ ප‍්‍රදේශයේ වගා කටයුතු සිදු කරන්නේ ආනවිළුන්දාව ගොවි සංවිධානය යටතේ වන අතර එහි සභාපති සුනිල් ධර්මරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ තමන්ගේ දැනුමට අනුව මේ භූමියේ වසර දහයකට වැඩි කාලයක් වගා කටයුතු සිදු නොකළ බවයි. මේ වන විට මෙහි වගා කටයුතු කිරීමට තමන්ගෙන් ද අවසර ඉල්ලා ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

(20දා) දහවල් පුද්ගලයන් දෙදෙනකු කපා දැමූ ගස් වැල්වලට ගිනි තැබීම සඳහා පැමිණි අතර ඔවුන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා වනජීවී කාර්යාලයට රැුගෙන යන ලදී.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න