Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21ක් ආශ්‍රිතයින් ලෙස හඳුනාගැනේ

|Mon, 11 January 2021|Miscellaneous| Page Views :

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සහ කුමාරසිරි හෙට්ටිගේ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් වූ CCTV දර්ශන මඟින් එම ආශ්‍රිත මන්ත්‍රීවරු හඳුනාගෙන ඇති බවය.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර කුමාරසිරි හෙට්ටිගේ මහතා පසුගිය 08 වන දින පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

ඔවුන් දෙදෙනාගේ සමීප ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනෙකු ද සභානායක කාර්යමණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුද හඳුනාගෙන ඇති බව වේත්ත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඔවුන් සියලුදෙනාට ඒ පිළිබඳව දැනුම් දී ඇති අතර සෞඛ්‍ය අංශවල මැදිහත් වීමෙන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුව මේවන විට විෂබීජහරණය සිදුකර ඇති අතර පාර්ලිමේන්තුවේ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යනු ලබන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න