සිද්දික්ගේ ගෝලයෙක් අත්අඩංගුවට
|Wed, 13 January 2021||Miscellaneous| Page Views :
|
|
මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන ලද රුපියල් එක්කෝටි 26 ලක්ෂ හතලිස්තුන් දහසක මුදලක් සහ පවුම් 40ක ස්වර්ණාභරණ සමග සැකකරුවන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (12) සවස සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු ප්රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිද්දික් නැමැත්තාගේ ගෝලයෙකු බවට අනාවරණය වී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ මත්ද්‍රව්‍ය පනත යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.
|
|