Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සෞඛ්‍ය නීති කැඩූ ආයතන 1,300කට වැඩ වරදී

|Tue, 09 February 2021|Security| Page Views :

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 1,300කට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.

පසුගිය ජනවාරි 10 වන දින සිට මේ දක්වා කාලය තුළ ආයතන 12,012ක් පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

එහිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 1,389ක් සොයාගෙන ඇති අතර ඉන් 1,300කට මේ වන විට නඩු පවරා තිබේ.

ඊයේ (08) දිනයේදී ද පරීක්ෂාවට ලක්කළ ආයතන 407ක් අතුරින් ආයතන 38ක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට පටහැනිව කටයුතු කර ඇති බව සඳහන් වේ.

මේ අතර ගත වු පැය 24 තුළ මුහුණු ආවරණ සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 3,056 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න