Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජංගම දුරකථන සඳහා වන ලොව ප්‍රථම 4nm chipset එක නිර්මාණය කිරීමට සූදානම් වෙන ලකුණු

|Wed 21 April 2021|Miscellaneous| Page Views :

චීන මූලාශ්‍ර දෙකක් පදනම් කරගනිමින් GSMArena වෙබ් අඩවිය විසින් වාර්තා කරන පරිදි, ජංගම දුරකථන සඳහා 4nm chipset නිකුත් කරන ලොව පළමු සමාගම බවට MediaTek සමාගම පත්වනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

එම තොරතුරු වලට අනුව ඔවුන් විසින් 4nm chipset, මෙම වසර අවසානයේදී (2021 අවසන් කාර්තුවේදී) හෝ එළැඹෙන වසර මුලදී (2022 පළමු කාර්තුවේ) දී නිකුත් කිරීමට සූදානම් වනු ඇත.

ඒ වගේම Xiaomi, Oppo, Vivo මෙන්ම Samsung සමාගමද MediaTek වෙතින් මෙම 4nm chipset සඳහා ඇණවුම් ලබා දී තිබෙන බව විශ්වාස කරන නමුත්, එම තොරතුරු මෙම සමාගම් විසින් තහවුරු කර නැති බවත් මෙහිදී සඳහන් කළ යුතු වනු ඇත.

එමෙන්ම වාර්තා වන පරිදි MediaTek සමාගම මෙම 4nm chipset නිෂ්පාදනය කරගනු ලබන්නේ TSMC සමාගම හරහා වන අතර, මෙහි එක් unit එකක මිළ $80 ක් තරම් ඉතා ඉහළ මිලක් වෙනු ඇති බවටද තොරතුරු වාර්තා වෙන අතර, එය දැනට ඇති High-end chipset එකකට වඩා දෙගුණයක පමණ ඉහල මිලක් වීම විශේෂත්වයකි.

දැනට පවතින high-end chipset එකක් මේ වන විට $30-$35 අතර මිලක් වෙන නිසා, යම් හෙයකින් ජංගම දුරකථන නිෂ්පාදකයින් මෙම MediaTek 4nm chipset ඇතුළත් කර ජංගම දුරකතනයක් නිපදවුවහොත්, එම Device වල මිල සැලකිය යුතු අගයකින් ඉහළ යෑමේ විශාල ඉඩක් පවති.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න