Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දියාවේ සිට එන සංචාරකයින්ට අමෙරිකාව සීමා පනවයි

|Sat, 01 May 2021|Miscellaneous| Page Views :

ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයින්ට සීමා පැමිණවීමට අමෙරිකාව තීරණය කර තිබෙි. ඒ ඉන්දියාවේ සිඝ්‍ර ලෙස ඉහලගොස් ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන තිබේ. ඒ අනුව දින 14ක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ හෝ එරට රැදී සිටි පුද්ගලයින්ට මැයි මස 04වන අගහරුවාදා සිට අමෙරිකාවට ඇතුල් වීම තහනම් වෙනු ඇතියි. කෙසේවෙතත් අත්‍යාවශ්‍ය සේවාවන්වල නිරතවන පිරිස් සඳහා එම සීමා අදාල නොවන බවයි ධවල මන්දිරය සඳහන් කර තිබේ.

මේ අතර ඊයේ දිනයේදී ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂය ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන හාර ලක්ෂ 2,110ක්. කොරෝනා මරණ 3,522ක්ද ඊයේ දිනයේදී ඉන්දියාවෙන් වාර්තා වී තිබෙි.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන එක් කෝටි අනූ එක් ලක්ෂ 57,094ක්. එරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ ගණන දෙලක්ෂ 11,835ක් වන බවයි නවතම වාර්තාවල සදහන් කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න