Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඩොලර්වලින් ගනුදෙනු කිරීමට ලංකාවේ අවස්ථාවක්

|Mon, 03 May 2021|Security| Page Views :

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්වලට සිය සේවා වෙනුවෙන් සිදුකරන ගෙවීම් ඇමරිකානු ඩොලර්වලින් භාරගැනීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇත. මුදල් ඇමැතිවරයා ලෙස ඇමැති මහින්ද රාජපක්ෂ විදේශ විනිමය පනත යටතේ ඇති බලතල උපයෝගී කරගනිමින් මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව සපයනු ලබන සේවාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්ගෙන් ඩොලර්වලින් සිදුකරන ගෙවීම් භාර ගැනීමට හෝටල්වලට අවසර පවතී. ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති විදේශ මුදල් බැංකු පද්ධතියට ඇද ගැනීමේ අරමුණින් මෙම අවසරය ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

මෙතෙක් කලක් විදෙස් ගමන් බලපත්‍රය සන්තකයේ ඇති විදේශිකයන්ගෙන් පමණක් ලබාගන්නා සේවා වෙනුවෙන් ​හෝටල්වලට ඩොලර්වලින් ගෙවීම් සිදුකළ හැකිය. දැන් මෙම ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලාංකිකයන් සතු විදේශ විනිමය (ඩොලර්) හෝටල්වල බිල්පත් සහ වෙනත් ගෙවීම් වෙනුවෙන් භාවිත කළ හැක.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නියෝගයන්ට අනුව ශ්‍රී ලාංකිකයකු සන්තකයේ තබාගත හැකි ඩොලර් ප්‍රමාණය 10,000 සිට 15,000 දක්වා ඉහළ නංවා ඇත. එසේම මහ බැංකුව විසින් වාණිජ බැංකු හරහා හඳුන්වා දෙන ලද විශේෂ බැංකු ගිණුම්වල තැන්පත් කරන ඇමරිකානු ඩොලර් වෙනුවෙන් අතිරේක 2% ක පොලී ප්‍රතිශතයක්ද ලබාදෙනු ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න