Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොළඹ ආසාදිතයින් ඉහළට

|Tue, 04 May 2021|Miscellaneous| Page Views :

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1923 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 529 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් -19 පැතිරීම් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

ඊයේ දිනයේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 64ක්, බොරලැස්ගමුව 47ක්, මොරටුව 54ක්, පිළියන්දල 60ක්, පිටකෝට්ටේ සහ මුල්ලෙරියාවෙන් ආසාදිතයින් 35දෙනා බැගින් සහ තලංගම ආසාදිතයින් 18ක් වාර්තා වී තිබේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 264 දෙනෙක් වාර්තා වී තිබෙනවා. පානදුර දකුණ ආසාදිතයින් 64ක්, පානදුර උතුර 26ක්, හොරණ 23ක්, කළුතර දකුණ 32ක්, මොරගහහේන 41ක් සහ බේරුවල 47ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 232 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 26 දෙනකු කඩවත ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. දෙම්පේ 23ක්, කටුනායක 16ක්, රාගම සහ නිට්ටඹුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 11 දෙනා බැගින් වාර්තා වී ඇත.

මිට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 154ක්, කුරුණෑගල 122ක්, මාතර 81 ක්, මොණරාගල 06, කෑගල්ල 04, අම්පාර 20ක්, අනුරාධපුර 69ක්, ත්‍රිකුණාමලය 10, වව්නියාව 02, මහනුවර 58ක්, නුවරඑළිය 104ක්, රත්නපුර 82ක්, පුත්තලම 18, යාපනය 16ක්, මාතලේ 50, පොළොන්නරුව 66, කිලිනොච්චි 06, මඩකළපුව 04, හම්බන්තොට 11, මුලතිව් 02, මන්නාරම 03ක් සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙක් ආසාදිතයින් හමුවී ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න