Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොවිඩ් ගැන පාර්ලිමේන්තු විවාදයක්

|Tue, 04 May 2021|Miscellaneous| Page Views :

කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතය. විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව විපක්ෂයේ යෝජනාවක් මත කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අද පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක් මෙන්ම වැට් බදු සම්බන්ධව පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ද නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මේ අතර හෙට දිනයේ දී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න