Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

Multi-Device පහසුකම සමඟින් WhatsApp Desktop Beta සංස්කරණයක් නුදුරේදී එළිදැක්වීමට WhatsApp ආයතනය සූදානම් වෙයි

|Tue, 13 July 2021|Miscellaneous| Page Views :

Computer එකක් හෝ Laptop එකක් ඇත්නම් අපි WhatsApp Web එක හෝ WhatsApp Desktop මෘදුකාංගය ඔස්සේ අපගේ දුරකථනය හරහා QR Code එකක් scan කර ගැනීම මගින් දුරකථනය හරහා භාවිතා කරන WhatsApp සේවාව අපගේ පරිගණකය වෙත ලබා ගනී. කොහොම නමුත් මෙහි ඇති ගැටළුව වන්නේ පරිගණකය හරහා සම්බන්ධ වන WhatsApp web හෝ WhatsApp Desktop apps ක්‍රියාත්මක වීම සඳහා ජංගම දුරකථනයේ ඇති original WhatsApp app එක ක්‍රියාත්මකව (අන්තර්ජාල සම්බන්ධතාවයක් සහිතව) තිබිය යුතු වීමයි. මේ වන විටත් ඔබ Telegram වැනි සේවාවත් භාවිතා කරන්නේ නම් දුරකථනයේ අන්තර්ජාල සබඳතාවක් නොමැතිව ඔබගේ පරිගණකය හරහා ද කිසිදු බාධාවක් නොමැතිව Multi-Device පහසුකම ඔස්සේ භාවිතා කළ හැකි බවය. WhatsApp වෙත එකතුවීමට නියමිත අලුත් Features කිහිපයක් ගැන විස්තර Mark Zuckerberg විසින්ම අනාවරණය කරයි. WhatsApp භාවිතා කරන්නන් හට නුදුරේදීම එකම WhatsApp ගිණුම එකවර Devices කිහිපයක භාවිතා කිරීමට අවස්ථාව ලබාදෙන Multi-device පහසුකම ගැනත්, WhatsApp හරහා යවනContent එකක් එකවරක් බැලූ පසු ස්වයංක්‍රීයව මැකීයන අයුරින් සකස්කළ හැකි පහසුකමක්ගැනත් Facebook සමාගමේ ප්‍රධානියා වන Mark Zuckerberg හා WhatsApp හි ප්‍ර… මේ පහසුකම WhatsApp සඳහා ද ලබාදීමට කටයුතු කරනු ලබන බව Mark Zuckerberg විසින් මීට පෙර තහවුරු කළ අතර, මේ වන විට මෙය අලුතින් නිකුත් කිරීමට නියමිත WhatsApp Desktop beta සංස්කරණයට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. මේ අනුව අලුත්ම WhatsApp Desktop beta සංස්කරණය භාවිතා කිරීමේදී ජංගම දුරකතනය අන්තර්ජාලයට සම්බන්ධ වී තිබීම අත්‍යාවශ්‍යය නොවන නමුත්, මූලිකව WhatsApp Desktop සංස්කරණය authenticate කරගැනීම සඳහා සුපුරුදු පරිදි QR Code එක scan කිරීම සිදු කළ යුතු වේ. කොහොම නමුත් මේ වන විටත් ඔබ WhatsApp Desktop සංස්කරණය භාවිතා කරන්නේ නම්, ඉදිරියේදී එය අලුත්ම beta build එක වෙත ස්ව්‍යංක්‍රීයව update කිරීමට WhatsApp ආයතනය කටයුතු කරනු ඇති අතර multi-device beta පහසුකම භාවිතා කිරීමට ඔබට නුදුරු අනාගතයේදීම අවස්ථාව ලැබෙනු ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න