Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඔන්ලයින් අධ්‍යාපනයට යොමුවන දරුවන් ගැන විමසිලිමත් වන්නැයි ළමා ආරක්ෂක අධිකාරියෙන් දැනුම්දීමක්

||Tue 14 September 2021|Miscellaneous| Page Views :

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ දරුවන් උපකාරක පන්ති සදහා යොමු කිරීමේදී මවුපියන් එහි සිදුවන ක්‍රියාකාරකම් පිළිබද දැඩි අවධානයකින් පසුවිය යුතු බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසනු ඇත.

ඔන්ලයින් ඉගැන්වීම්වලදී දරුවන් විවිධ අපචාරයන්ට ලක්විමේ සිද්ධීන් කිහිපයක් ඉකුත් සමයේ වාර්තා වී තිබුණි. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ උපකාරක පන්ති පවත්වන අතරතුර 15 හැවිරිදි දැරියකගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් බව කියන උපකාරක පන්ති ගුරුවරයෙක් පානදුර දිග්ගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉකුත්දා වාර්තා වුණාය.

අදාළ දැරියගේ මව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුවයි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේය.

ඔන්ලයින් උපකාරක පන්ති සදහා යොමුවන දරුවන් අපරචාර ක්‍රියාවලට ලක්වීමේ එවැනි සිද්ධීන් කිහිපයක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා විමසීමකදී කියා සිටියේය.

දරුවන් පිළිබද නිසි අවධානය යොමු නොකළහොත් දරුවන් අවදානමකට ලක්විය හැකි බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සිද්ධියට සම්බන්ධ පානදුර දිග්ගල ප්‍රදේශයේ උපකාර පන්ති ගුරුවරයා පොලීසිට මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව මෙම මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න