WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොළඹ ජනතාවට පොලිසියෙන් දැනුම්දීමක්

Fri, 14 January 2022- Page Views : 0 results

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹ නගරයට පැමිණ සේවා කටයුතු සිදුකරන පුද්ගලයිගේ තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

පොලිසිය පවසන්නේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත්, කොළඹ නගරයේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දුරලීමත් මෙහි අරමුණ බවය.

මහිදී කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ ස්ථිර පදිංචිකරුවන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ආයතන, රාජ්‍ය හෝ පුද්ගලික පරිශ්‍රයන් ඉදිකිරීම් භූමි ආදියෙහි නවාතැන් ගෙන සිටින සියලු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක්රැස්කිරීම සිදුවනු ඇති.

ඒ අනුව මෙම වඩසටහන අද, හෙට සහ අනිද්දා (14,15,16) යන දිනවලදී සිදුකෙරෙනු ඇති.

එහිදී ඉහත කී ස්ථානවල තාවකාලික පදිංචිකරුවන් සිටී නම් මෙම දින 03 තුළ ඔබ ප්‍රදේශයේ මංමාවත් හා වීදිවල සංචාරය කරන ප්‍රජා පොලිස් නිලධාරීන් වෙතින් හෝ ආසන්නතම පොලිස් ස්ථානය වෙතින් මේ සඳහා විශේෂයෙන් සකස් කරන ලද පෝරමයක් ලබාගෙන එයට අදාළ පුද්ගලයන්ගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර පොලිස් නිලධාරීන් වෙත හෝ පොලිස් ස්ථානය වෙත භාරදීම සිදුකළ යුතු වේ.