WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දීය ජාතිකයෙකු විසින් සිදුකරන මූල්‍ය වංචාව...

Fri, 14 January 2022- Page Views : 0 results

වෙළෙඳසැලක් වෙත පැමිණෙන ඉන්දීය ජාතිකයෙකු විසින් සිදුකරන මූල්‍ය වංචාවක් CCTV කැමරාවක පටිගත වී තිබේ. අදාළ සිදුවීම වාර්තා වන්නේ හැටන් නගරයේ වෙළෙඳසැලකිනි. සැකකරු විසින් කාර්යබහුල අවස්ථාවක එම වෙළෙඳසැල වෙත පැමිණ තමන්ට සුවඳ විලවුන් බෝතලයක් ඉල්ලා තිබේ.

එහිදී සුවඳ විලවුන් බෝතලයක් ඔහුට ලබා දී ඇති අතර එම අවස්ථාවේ ඔහු ඒ සඳහා රුපියල් 5,000ක් මුදල් අයකැමි වෙත ලබාදෙයි. එහි ඉතිරි මුදල් ලබාගැනීමෙන් අනතුරුව සැකකරු තමන් මිලදී ගත් සුවඳ විලවුන් බෝතලය අවශ්‍ය නොවන බව පැවසීමත් සමඟ මුදල් අයකැමි එම ඉතිරි මුදල රැගෙන ඔහුට රුපියල් 5,000 නැවත ලබාදී තිබේ.

එහිදී වෙළෙඳසැලෙන් පිටව නොයන සැකකරු වෙනත් සුවඳ විලවුන් බෝතලයක් නැවත ඉල්ලා සිට එයද ලබාගෙන නැවත මුදල් නොදී ඉතිරි මුදල් ලබාගන්නා අයුරු වෙළෙඳසැල් CCTV කැමරාවක පටිගත වී තිබේ.