තංගල්ල හෝටලයකින් තරුණියකගේ හා තරුණයකුගේ මළසිරුරු හමුවෙයි
2023 January 24- Page Views : 5 තංගල්ල සංචාරක හෝටලයකදී අබිරහස් ලෙස මියගොස් සිටි තරුණියකගේ සහ තරුණයෙකුගේ මළසිරුරු දෙකක් ඊයේ (23දා) උදෑසන සොයාගෙන තිබිණි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 20 හැවිරිදි රාමයියා අජිත් කුමාර හා 17 හැවිරිදි ජයවර්ධන ආරච්චිගේ දුමීෂා ඕෂධි නමැති අයයි.
මියගිය තරුණයා එම හෝටලයේම සේවයේ නිරතව සිටි අයෙකු වන අතර මියගිය තරුණිය අම්බලන්තොට මානජ්ජාව ප්රදේශයේ පදිංචිව සිටි තරුණියකි.
අදාළ තරුණයා කුඩා කල සිට හෝටලයේ හැදී වැඩී ඇති අතර, මියයන වනවිට ඔහු එම හෝටලය බලා කියාගෙන එහි සිට ඇති බව පැවසේ. අදාළ තරුණයා පෙරේදා (22දා) රාත්රියේ අම්බලන්තොට ප්රදේශයට ත්රිරෝද රථයකින් ගොස් මියගිය තරුණියද එම හෝටලය වෙත රැගෙනවිත් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අනතුරුව ඊයේ රාත්රියේ ඔවුන් දෙදෙනා සියදිවි හානි කරගෙන ඇති බවට සැක පළකරයි. තංගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
රෝහණ ආරියරත්න