අමෙරිකාව, යුක්රේනයට ජෙට් යානා දෙන්න බෑ කියයි
2023 January 31- Page Views : 112
අමෙරිකාව සතු එෆ් 16 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා යුක්රේනය වෙත යැවීම ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ, රුසියාවට එරෙහිව ප්‍රහාර දියත් කිරීම සඳහා ගුවන් යානා ලබාදීමෙන් සහය වන ලෙස යුක්රේනය මිත්‍රපාර්ශවීය රටවලින් ඉල්ලීමක් කර ඇති පසුබිමක් තුලයි.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි කළ එම ඉල්ලීම සම්බන්ධයෙන් වාර්තාකරුවන් අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් විමසීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පිළිතුරු ලබාදී ඇත්තේ යුක්රේනයට සිය රට සතු එෆ් 16 වර්ගයේ ප්‍රහාරක යානා ලබානොදෙන බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයා එලෙස යුක්රේනයට ප්‍රහාරක යානා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ජර්මනිය ද යුක්රේනයට ප්‍රහාරක යානා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක් තුළයි.