WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දියනෑමට ගිය දරුවා කටුපත වැවට බිලි

2024 April 21- Page Views : 21

ආරච්චිකට්ටුව කටුපත මහවැවේ පවුලේ සියලු දෙනා සමග දියනෑමට ගිය පාසල් දරුවෙකු දියේ ගිලී මරණයට පත්ව ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව ඉලක්කට්ටුව පදිංචි හදපාන්ගොඩ ආරච්චිලාගේ දිනෙත් සත්සර නැමති 08 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි.

දිය නෑම සඳහා මවත් මවගේ නැගනිය සහ ඇගේ දරුවන් දෙදෙනෙකුත් තවත් අසල්වැසියෙකුත් සම්බන්ධ වී ඇතිබව පොලිස් විමරෂණ වලදී තහවුරුව ඇත.