WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විවාහ වෙන්න බෑ කී වැයි අමානුෂික දඬුවමක්

2024 July 02- Page Views : 36

විවාහ වීමට කැමැත්ත පළ නොකිරීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකුගේ ලිංගේන්ද්‍රිය කපා ඔහුට පහරදුන් වෛද්‍යවරියක් බිහාර් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අපරාධය ඊයේ (01) උදෑසන 10 ට පමණ සරාන් දිස්ත්‍රික්කයේ පුද්ගලික වෛද්‍ය මධස්ථානයක් තුළදී සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.

අත්අඩංගුවට ගත් 26 හැවිරිදි වෛද්‍යවරිය බිහාර් ප්‍රාන්තයේ සරාන් දිස්ත්‍රික්කයේ පදිංචිකාරිණියක් බවත් ඇය සමඟ අපරාධය සඳහා භාවිත කර ලේ තැවුරුණු පිහියද පොලිස් බාරයට ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

තුවාල ලැබූ පුද්ගලයා වහාම රෝහල් ගත කර ඇති බවත් ඔහු මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය. එසේම සැකකාරිය රඳවා ගනිමින් පොලිසිය ප්‍රශ්න කරන බවද ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.

වෛද්‍යවරියක් බව පවසන මෙම 26 හැවිරිදි කාන්තාව සහ පහරකෑමට ලක්වූ 30 හැවිරිදි පිරිමි පුද්ගලයා වසර දෙකක කාලයක් ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවත් විවාහ වීමට කැමැත්ත විමසු අවස්ථාවේ පිරිමි පුද්ගලයා ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවත් ප්‍රශ්න කිරීම්වලදී සැකකාරිය ප්‍රකාශ කළ බව බිහාර් පොලිසිය පැවැසුවේය.

එහිදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකළ බව සැකකාරිය ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කළ බවද බිහාර් පොලිසිය ප්‍රකාශ කළේය.