WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විස්සයි 20 පළමු තරගයේ ජය.

2024 August 12- Page Views : 37

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි 20 තරගය කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව අයර්ලන්ත කණ්ඩායමට ලබා දුන් අතර ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් විය.

පසුව ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16 පන්දු 04ක් අවසානයේ දී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය.

මෙහිදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ හර්ෂිතා සමරවික්‍රම පන්දු 45කදී නොදැවී ලකුණු 86ක් ලබා ගැනීමට ද සමත් වූවාය.

දෙරට අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය හෙට (13) පැවැත්වීමට නියමිතව තිබේ.