WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පුපුරණ ද්‍රව්‍ය සමඟ හතරක් අල්ලයි

2024 September 18- Page Views : 30

රාත්‍රි කාලයේ නාඋල ප්‍රදේශයේ මුර සංචාරයක දී රථ වාහන සෝදිසියක දී පුපුරණ ද්‍රව්‍ය රැසක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. අද (18) අලුයම තුනට පමණ නාඋල සිට නිකුල දෙසට ධාවනය වු ත්‍රී රෝද රථයක් පරික්ෂා කිරිමේ දී අඩි තුනක් දිග ඩෙටනේටර් සහිත රතු පැහැති සේවා නූල් පහක්,අගල් අටක් දිග වෝටර් ජෙල් කුරු තුනක්,අඩි දෙක - දෙක හමාරක් හා සෙ.මී. 28 විශ්කම්බයක් ඇති විදින වානේ කටු එකක් හා නිල් හා ගුරු පාට ඔතන ලද මීටර් පනහක් දිග වයර් රෝලක් පොලිස් භාරයට ගෙන තිබේ. ඉහත උපකරණ සමග ගමන් ගත් සැකකරුවන් සිවි දෙනෙකු ද සැක පිට අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. අත්අඩංගුවට පත් සැකකරුවන් නාඋල,පුස්සැල්ලෑව.උඩතලවින්න සහ වත්තේගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 50,49,38ආදී වයස් වල පසුවන්නනන් බව පොලිසිය කියයි.