WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මධුෂ්ක හා අසලංකගේ විශිෂ්ට ඉනිම් ශ්‍රී ලංකාව දිනවයි

2024 October 21- Page Views : 37

සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

පල්ලේකැලේ පැවති මෙම තරගයේ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර, ඔවුන් පන්දුවාර 38යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල විය.

පැය දෙකකට වැඩි කාලයක් වර්ෂාව ඇඳහැළුණු නිසා තරගයේ පන්දුවාර සංඛ්‍යාව අඩුකර ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවිය.

මෙහිදී ශ්‍රී ලංකාවට පන්දුවාර 37කදී ලකුණු 232ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 32(31.5) වැනි පන්දුවාරයේදී පසුකර යාමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක චරිත් අසංලක (77) හා සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකල නිශාන් මධුෂ්ක (69) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.

ඔවුන් දෙදෙනා ලකුණු 45කට කඩුලු 3ක් බිඳවැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 182ක් දක්වා ඉදිරියට රැගෙන යාමට කටයුතු කළහ.

එහිදී 5වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109කින් ලකුණු 137ක් රැස්කිරීමට සමත් විය.

තරගයේ වීරයා ලෙස චරිත් අසංලක සම්මාන දිනාගත්තේය.