WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මත් ලෝලී පියා දියණිය මරා වැසිකිළි වළට දමලා

2024 December 07- Page Views : 25

ගම්පහ , මාකෙවිට ප්‍රදේශයේ පදිංචි සිටින පවුලක මත් ලෝලියෙකු වන පියා විසින් මුදල් ලබා ගැනීම පිනිස දියණියට පහරදී මියගිය පසුව ගෙවත්තේ වැසිකිළි වලට දමා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.

ඝාතනයට ලක්ව ඇත්තේ හිමාෂා සඳරුවනි නමැති 14 හැවිරිදි දැරිවියක් බව පොලීසිය පවසයි.

මාකෙවිට ප්‍රදේශයේ නිවසක් ඉදිකරනු ලබන පෙදරේරුවෙකු , ඉදිකරනු ලබන එම නිවසෙහි සිය බිරිඳ සහ දියණිය සමග වාසය කොට ඇති අතර දැරියගේ මව ඇගළුම් කම්හලක සේවය බවත් සැමියා විසින් මත් ද්‍රව්‍ය ගැනීම සඳහා ඇයගේ රන් මාලය උකස් කිරීම මත එය බේරා ගැනීමට මව, දියණියට ලබාදී ඇති මුදල් ඉල්ලා පහරදීමේදී දැරිය වැටී මියගොස් ඇති බව අනාවරණය වූ බවත් පොලීසිය කියයි.

ඉකුත් 2 වෙනි දින මව රැකියාවට ගොස් ආපසු පැමිණ දියණිය ගැන විමසීමේදී මිතුරියගේ නිවසකට යන බව පවසා ගිය බව සැමියා විසින් පවසා ඇති අතර මේ ගැන ඇතිවූ සැකය මත ගම්පහ පොලීසියට පැමිණ දුව නොමැති බවට කරන ලද පැමිණිල්ලක් කොට තිබේ.

මේ අනුව ගම්පහ පොලීසිය ඇතිවූ සැකය මත පියා අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත්තේ බිරිඳගේ උකස් කළ රන්මාලය බේරා ගැනීම සඳහා සැමියාට මුදල් නොදී දියණිය අතට දී පියා සමග ගොස් බේරාගන්නා ලෙස පවසා මව රැකියාවට ගොස් ඇති අතර පසුව දියණියගෙන් එම මුදල් ඉල්ලා පහරදීමේදී ඇදවැටීමෙන් පසුව පියා මුදල් රැගෙන ගොස් ආපසු නිවසට පැමිණ බැලීමේදී දියණිය වැටී සිටි නිසා ඔසවාගෙන ගොස් ගෙවත්තේ වැසිකිළි වලට දැමූ බව යැයි පොලීසිය පවසයි.

ඡායා අර්නස්ට් ජයතිලක