කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
2025 February 06- Page Views : 55 සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර අද(06) පැවැත්වෙන තරග දෙකකින් සමන්විත වෝන්-මුරලි ටෙස්ට් තරගාවලියේ කසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් මුලින්ම තීරණය කළේ පන්දුවට පහර දිමටයි.
තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී.
මෙම තරගයෙන් පසුව හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට නියමිතයි.මෙය ඔහුගේ සියවන ටෙස්ට් තරගයද වීම විශේෂත්වයක්.
පළමු ටෙස්‍ට් තරගයේ ඉනිමකින් සහ ලකුණු 242 ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුනා.
මෙම තරගය අද පෙරවරු 10.00 ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගයෙත් පෙර පරිදිම ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජය ද සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ස්ටීව් ස්මිත් විසින් මෙහෙයවනු ලබනවා.