WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සුළඟින් පුත්තලමේ නිවාස 200කට හානි

2026 May 24- Page Views : 5

මහ වැසිත් සමඟ හමා ආ තද සුළඟින් හලාවත මැදවත්ත,හා වැල්ල ප්‍රදේශයෙ නිවාස 200 ට ආසන්න සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.එම්.ඉන්දික සිල්වා මහතා පැවසිය.

නිවාස වහල වලට හානි වි ඇති බවත් ඒ හේතුවෙන් නිවෙස් වල තිබු උපකරණ වලටද හානි සිදුව ඇති බව ආපදා නිළධාරීන් පවසයි. උළු හා ඇස්බැස්ටෝ සුළගට ගසා ගෙන යාමත් සමග නිවෙස් වලට තාවකාලිව පිලියම් යොදමින් එය සකසා ගැනිමට පිරිස් එක්ව තිබුණි.

මෙලෙස පිඩාවට පත්වු පිරිස් වෙත අදාල සහන කටයුතු හලාවත ප්‍රාදේශීය ලේකම් බල කාර්යාලයේ සහන සේවා නිළධාරීන් මගින් කටයුතු කරමින් ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා සහන සේවා නිළධාරී බී.වි.චමින්ද කුමාර මහතා පැවසිය.