WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජපානයෙන් ටියුනීසියාවට දැවැන්ත ප්‍රහාරයක්

2026 June 21- Page Views : 5

ජපාන ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළින්ම ඔසවා තබමින් පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ටියුනීසියාවට එරෙහිව පැවති තීරණාත්මක තරගයෙන් ගෝල 4-0ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ජපානය සමත්විය.

මෙම තරගය වසර 96ක (1930 සිට) පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පැවති 1000වන තරගය ලෙස වාර්තා අතරට එක්විය.

ලෝක කුසලාන උණුසුම තීව්‍ර කරමින්, 'F' කාණ්ඩයේ තරගයක් ලෙස මෙක්සිකෝවේ Monterrey ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය මෙරට වේලාවෙන් අද (21) උදෑසන නිමාවට පත්වූයේ ජපානයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

පළමු අර්ධයේ සිටම ජපන් ආක්‍රමණය පන්දහසකට අධික ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් මැද තරගය ආරම්භයේ සිටම ටියුනීසියානු ආරක්ෂක වළල්ලට දැඩි පීඩනයක් එල්ල කිරීමට ජපාන ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගය ආරම්භ වී නිමේෂයකින් (4 වැනි මිනිත්තුව) පළමු ගෝලය වාර්තා කරමින් ජපානය තරගයේ පෙරමුණ ගත්තේය. 

සිය ප්‍රහාරාත්මක උපක්‍රම තවදුරටත් තීව්‍ර කළ ජපන් ක්‍රීඩකයින් 31 වැනි මිනිත්තුවේදී සුපිරි ගෝලයක් වාර්තා කරමින් පළමු අර්ධය 2-0ක් ලෙස තමන් සතු කරගත්තේය.

දෙවැනි අර්ධය ආරම්භයේදී ටියුනීසියාව තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළද, තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගැනීමට ජපානය සමත් විය.

ටියුනීසියානු ක්‍රීඩකයින් අන්දමන්ද කරමින් ජපානය තෙවැනි ගෝලය වාර්තා කළේය. තරගය නිමාවීමට ආසන්න වෙද්දී (83 වැනි මිනිත්තුවේදී) එල්ල වූ සිවුවැනි ගෝලයත් සමඟ ජපානය සිය ජයග්‍රහණය ස්ථිර කරගත්තේය.

මෙම ජයත් සමග ලෝක ශ්‍රේණිගත කිරීම්හි 18 වැනි ස්ථානයේ සිට 16වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි ජපානය සිය කාණ්ඩයේ දෙවැනි ස්ථානයද හිමිකරගත්තේය.

කෙසේ නමුත් බලාපොරොත්තු නොවූ පරාජයක් ලැබූ ටියනීසියාවට ස්ථාන 13කින් පසුබැසීමට සිදුවූ අතර, ඒ හේතුවෙන් ඔවුන් මේ වනවිට 58වැනි ස්ථානයේ රැඳී සිටියි.