Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කාන්තාවන්ට ඔසප් දින නිවාඩු - ජනපතිට යෝජනාවක්

|Sun, 18 December 2016 07:10|Gossip| Page Views : 193

අලුත් පුවත්
මහජනතාව මෙන් අපිත් කැපවීම් කරමු ...
නීති විරෝධීව හැසිරුණාට නීතිය ක්‍රියාත්මක කිරීමට අර්ජුන රණතුංග මහතා සැරසෙයි..
ආසියාවේ රග්බි තරගාවලියේ තුන්වන තැන ශ‍්‍රී ලංකාවට
ඝාතනයට ලක්වු පොලිස් සැරයන්වරයාගේ යතුරු පැදිය මින්නේරි වැවෙන් හමුවෙයි.
භාවිතයට නුසුදුසු ආහාර විකිණූ දෙදෙනෙකු අත්අඩංගුවට !
දුම්රිය මැදිරි පිරිසිදු කිරීම් පෞද්ගලික අංශයට
චාවකච්චේරියේ අනතුරකින් 10ක් මරු දකියි
Proteas not underestimating Sri Lanka
 
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු මෙරට කාන්තාවන්ට දැනට හිමි නිවාඩුවලට අමතරව ඔසප් දින නිවාඩුවක් ලබා දීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඔසප් දිනවල දී දැඩි පීඩාවකට මුහුණ දෙන කාන්තාව පිළිබඳ ගැටලුව සැලකිල්ලට ගනිමිනි.

ඔසප් වීම ආරම්භයත් සමඟ දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමිව තිබේ.

ඒ අනුව මෙරට කාන්තාවන් සඳහා ද අදාළ නිවාඩුව ලබා දීම වඩාත් උචිත සාධනීය පියවරක් බව ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද යෝජනාවේ දක්වා ඇතැයි දැන ගන්නට ඇත.

මෙරට කාන්තාවන් සඳහා සාමාන්‍ය රජයේ නිවාඩුවලට අමතරව ප්‍රසූත නිවාඩුවට ඇතුළත් වන පරිදි වැටුප් සහිත දින 84 ක් අඩ වැටුප් සහිත දින 84 ක් සහ වැටුප් රහිත දින 84 ක් හිමිව තිබේ.

ජනාධිපතිවරයාට යොමු කරන ලද යෝජනාව සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ ද සාකච්ඡා කර මෙරට කාන්තාවන්ට ද ඔසප් නිවාඩුව ලබා ගැනීමේ අවස්ථාව ලබා දීමට පියවර ගනු ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

බොහෝ විට එම ගිවිසුම ප්‍රකාශයට පත් කිරීම 2017 වර්ෂයේ මැයි පළමු වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයේ දී සිදු කෙරුනු ඇති බව ද දැන ගන්නට ඇත.

කාන්තාවන්ට ඔසප් දින නිවාඩුව ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා ළමා හා කාන්තා කටයුතු පිළිබඳ ඇමැතිවරියත් කම්කරු ඇමැතිවරයාත් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළ ද ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ නැත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න