Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද අවසන් සටනට

|Fri,23 Dec 2016 11.05|Miscellaneous| Page Views : 31

අලුත් පුවත්
සාපෙළ උත්තරපත්‍ර පරීක්ෂාවට පාසල් 68ක් වසයි
සැහැල්ලු දුම්රිය සේවා පද්ධතිය කඩිනමින්
දෙමළ ජාතික සන්ධානයේ සියළු මන්ත්‍රීවරුන්ට ආර්.සම්බන්ධන්ගෙන් නියෝගයක්!
 
ආසියානු යොවුන් ක්‍රිකට් තරග බිමේ පළමුවරට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව අද (23) වත්මන් ශූර ඉන්දීය පිල සමග ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී තරග බිමට එක්වෙයි.

වසර 2012 දී ආරම්භ කළ අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගමාලාවක අවසන් තරගයට පිවිසි ශ්‍රී ලංකා පිල අද තරගයේදී මුහුණ දෙන්නේ පිට පිට දෙවතාවක්ම අවසන් මහා තරගයට පිවිස පළමු අවස්ථාවේදී සම ශූරයන් බවටත්, දෙවැනි අවස්ථාවේදී ශූරයන් බවට පත්වූ ඉන්දීය පිල සමගිනි.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය පළමු වරට ලැබී ඇති මෙවර තරගාවලියේ දිවා රාත්‍රී අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවේ පෙරේදා රාත්‍රීයේ පැවැති අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදය යටතේ ලකුණු 26කින් ජය ලබමිනි. ඉන්දියාව පිට පිට තුන්වැනි වරටත් අවසන් මහා තරගයට එක්වූයේ ඊට පෙර පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් ඇෆ්ගනිස්තාන පිල ලකුණු 77කින් පරාජය කරමිනි.

කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 8ක් තරග වැදුණු මෙවර තරගාවලියට ඒ කාණ්ඩයෙන් එක්වූ ශ්‍රී ලංකාව එහි දී තරග 2ක් ජයගැනීමට සමත්වූ අතර ඉන්දීය පිල තරග 3ම ජය අත්කර ගත්තේය. පසුගිය වසරේ අනු ශූරයන් බවට පත්වූ පාකිස්තාන පිල මෙවර තරගාවලියේ බී කාණ්ඩයෙන් තරග වැදුණු අතර එහි දී ඔවුන් තරග 2ක් ජය ගත්තද ශූද්ධ ලකුණු වේගයන අනුව අවසන් පූර්ව වටයට එක් වීමට නොහැකි විය.

කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකාව පිලට මෙවර තරගාවලියේ දී පිත්තෙන් වැඩි දායකත්වයක් ලබා දීමට ආරම්භක පිතිකරු විශ්ව චතුරංග සමත්වූයේ අර්ධ ශතක 2කට හිමිකම් කියමිනි. ඔහු පෙරේදා බංග්ලාදේශයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී ලකුණු 68ක් ලබාගැනීමට සමත් විය. චතුරංගට මෙන්ම නේපාලයට එරෙහිව පැවැති පළමු තරගයේදී ලකුණු 83ක් ලබාගැනීමට සමත්වූ හසිත බෝයගොඩ සහ ඉන්දියාව සමග පැවැති මූලික වටයේ තරගයේදී ලකුණු 67ක් ලබාගත් ජෙහාන් ඩැනියෙල්ට අද තරගයේ දී පිත්තෙන් දායකත්වය ලබාදීමේ වැඩි වගකීමක් පැවැරී තිබේ. පෙරේදා තරගයේදී ලකුණු 25කට කඩුලු 4ක් දවාලූ ප්‍රවීන් ජයවික්‍රම තරගාවලිය පුරා කඩුලු 7ක් දවාලීමට සමත්වූ අතර නායක කමිඳු මෙන්ඩිස් දවාගත් කඩුලු සංඛ්‍යාව 6කි.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති අවසන් පුර්ව තරගයේ දී ලකුණු 130ක් ලැබූ ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු හිමන්ෂූ රානා වෙතින් අද ශ්‍රී ලංකා පිලට වැඩි අභියෝගයක් එල්ල වනු ඇත. මීට අමතරව අර්ධ ශතක 2කට හිමිකම් කියමින් ලකුණු අතරේ සිටින සුබ්මාන් ගිල් අද තරගයේදී වැඩි පීඩනයක් එල්ල කරනු ඇත. මෙවර තරගාවලියේ දී කඩුලු 8ක් දවාලූ යාෂ් ටාකුර්ගෙන් සහ කඩුලු 7 බැගින් දවාගත් රාහුල් චහාර් සහ කම්ලේෂ් නාගර්කෝටිගෙන් අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල වනු ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න