Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගුවන් යානා වලට අපලයි...

|Sun,25 Dec 2016 12.12|Security| Page Views : 96

අලුත් පුවත්
දක්ෂිණ අධිවේගයේ ආදායම වාර්ථා ගතව ඉහල යයි..
ආපනශාලා 2968ට නඩු..
පාතාල සාමාජිකයකුගේ කථාව අවසන්..
නත්තල් උත්සවය නිමිත්තෙන් සිරකරුවන් 570ට නිදහස ලැබෙයි.
ඉක්මන් නිව්ස් කාර්‍ය මණ්ඩලයෙන් අසිරිමත් නත්තලට සුභාෂිංශණ..
 
අතුරුදහන් වූ රුසියානු ගුවන් යානය කළු මුහුදට කඩා වැටී ඇති බව රුසියානු පුවත් සේවා වාර්තා කරනවා.

මෙම යානයේ පුද්ගලයින් 91 දෙනෙකු රැගෙන ගුවන් ගත වුනේ අද පෙරවෙරුවේයි.

ගුවන් යානය ගුවන් ගත වී විනාඩි 20 කට පමණ පසුව එය රේඩාර් තිරයෙන් ඉවත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.

රුසියානු යුද හමුදා ගීතිකා කණ්ඩායමක් සහ මාධ්‍ය වාර්තාකරුවන් කණ්ඩායමක් මෙම TU 154 දරණ ගුවන් යානයේ ගමන් කර තිබෙනවා. ඒ සිරියාවේ ලටකියා ප්‍රදේශයට බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දී ඇත්තේ මෙම කණ්ඩායම නව අවුරුද්ද සඳහා විශේෂ වැඩසටහනකට එක් වීමේ අරමුණින් පියාසර කළ බවයි.

පුද්ගලයන් 100 කට ආසන්න පිරිසක් රැගත් රුසියානු ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

අද පෙරවරුවේ මෙම ගුවන් යානය ගුවන් ගත වීමෙන් පසු රේඩාර් පථයෙන් නොපෙනී ගොස් ඇති බවයි වාර්තා කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම ගුවන් යානය සිරියාවට ගුවන් ගත වූ බවට නිල නොවන වාර්තා පෙන්වා දෙන බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න