Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජාතික සන්ධානයෙන් ජාතික ආණ්ඩුවට කාලසීමාවක් ලබා දෙයි

|Tue 27 Dec 2016 11:08|Political| Page Views : 24

අලුත් පුවත්
පරිභෝජනයට නුදුසුසු ආහාර විකුණා වැඩ වරදී
සීමා නීර්ණ වාර්තාව සකසා අවසන් - බාරදීම අදයි
අලුත් ඡන්ද ක්‍රමයෙන් ජනතා ගැටලු විසදෙන්නේ නැහැ
බිම් බෝම්බ පිටුදැකීමේ ප්‍රඥප්තියට අත්සන් නොකිරීම ගැටළුවක්
වවුනියාවේ රිය අනතුරකින් 3ක් මරු දකී..
ගිනිකෙළි අනතුරු පහලට හදිසි අනතුරු ඉහලට..
බදුල්ල බලා ධාවනය වීමට තිබූ දුම්රිය හදිසි පරීක්ෂාවකට ලක් කරයි...
 
(මෙම ලිපිය පරිවර්ථනය කලේ ටැමිල් කින්ග්ඩම් වෙබ් අඩවියවෙතිනි )

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ 34වන සමුළුව මාර්තු මාසයේදි පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදි පීඩාවට පත් වු ජනතාවගේ වරම ලබා ඇති දෙමළ ජාතික සන්ධානය විසින්, කුමණ තීරණයක් ගනු ඇතිද යන්න පිළිබඳව තීරණ කිරීම සඳහා ජාතික ආණ්ඩුවට ඉදිරි පෙබරවාරි මැදභාගය දක්වා කාල අවකාශයක් ලබා දී ඇත.

2017 වර්ෂයේ පෙබරවාරි මාසයේ මැදභාගයේදි දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ජාතික ආණ්ඩුව ඉදිරිපත් කරනු ලබන විසදුමේ පදනම මත තමන් ජීනිවා සැසිවාරයේදි ගන්නා තීරණ සකස් වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානය පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුවේ 34වන සැසිවාරය 2017.02.27 දින සිට 2017.03.27දක්වා පැවැත්වීමට නියමිතව ඇත. මෙම සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් විසින් ශ්‍රි ලංකා රජය වගවීම සම්බන්ධයෙන් කුමණ ආකාරයේ ක්‍රියාමාර්ග ගනු ලැබුවේද යන්න පිළිබඳව වු වාර්ථාව මාර්තු 22වන දින ඉදිරිපත් කිරීමට නියමිතය. විශේෂයෙන්ම, පසුගිය වසරේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව රජය කුමණ ආකාරයෙන් ක්‍රියාවට නැංවූයේද? යන්න ඇතුලු ශ්‍රි ලංකා සංචාරයේදි තමන් ඉදුරාම අවධානයට ලක්කල මෙන්ම විශ්ලේෂණය කරන ලද කරැණු මත පදනම්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් ලිඛිත වාර්ථාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවැනි පසුබිමක පීඩාවට පත් වු ජනතාවගේ සම්මුතියෙන් වරම් ලැබු දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකා රජයේ ඉදිරි වැඩපිළිවෙල් සඳහා සහය පළ කරමින් සිටි. එලෙසම දෙමළ ජනතාවගේ ගැටලු විසදීම සම්බන්ධයෙන් රජය තෘප්තිමත් ලෙස ක්‍රියා නොකරනු ලබන බවට චෝදනා නැගෙමින් පවති. තවත් පැත්තකින් ශ්‍රි ලංකා රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය, ජාතීන් අතර සහජීවනය ඇති කිරීමේ සැළසුම්, රටේ ආර්ථිකය නැංවීම වැනි කරුණුවලට උනනන්දු වෙමින් කටයුතු කරයි. එබැවින්, ශ්‍රි ලංකා රජයට මෙවැනි ක්‍රියාකාරකම් හරහා පීඩාවට පත් පාර්ශවය වු දෙමළ ජනතාව සඳහා වන වගවීමේ කටයුතුවලින් ගැලවීමට හැකිද? එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු සැසිවාරයේදි ශ්‍රි ලංකා රජයේ සහය ඇතිව සම්මත කරන ලද යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමෙන් වැලකී සිටීමට හැකිය? නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම නැමැති එක් කරුණකින් සියල්ල වසාදැමිය හැකිද? යන්න පිළිබඳව ඇති වු සැකයන් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් විසින් පවසා ඇත්තේ,

රජය නිවැරදි ආකාරයෙන් ක්‍රියාකර නොමැති බව නොයෙක් අවස්ථාවල පෙන්වා දෙමින් සිටින්නෙමු. පහසුවෙන් ඉටු කල හැකි නොයෙක් කරුණු ඔවුන් විසින් ඉටු නොකළ බව අපගේ අදහසයි. පසුගිය ජූනි මාසයේ එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවී සාකච්ඡා කල අවස්ථාවේ මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡාවන් පවත්වා, එහිදි රජයේ ප්‍රමාදයන් පිළිබඳව පැහැදිලිව පෙන්වා දුන්නෙමු. එපමණක්ද නොව, මෙම කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ සාමජිකත්වය දරණ රටවල් සමඟද සාකච්ඡා පැවැත්වූයෙමු. ශ්‍රි ලංකා රජය ජාත්‍යන්තර මානව හිමිකම් සැසිවාරයේදි ස්ථීර කරන ලද යෝජනාවන්ට තම සහය පළකරමින් තම වගකීම සහතික කරන ලදි.

තම වගකීම ඉටු කිරීමට කාලය ප්‍රමාණවත් නොවීය. එබැවින්, තමන්ට තවත් කාල අවකාශයක් ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පාර්ශවයෙන් ඉල්ලුම් කිරීමට වත්මන් රජයට අවශ්‍ය උවමනාව උද්ගතවී ඇති බව අපි අදහස් කරන්නෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමට නිවැරදිව කටයුතු කරමින් සිටින්නේ නම් විශේෂයෙන් දිගින් දිගටම ප්‍රමාදයකින් තොරව කෙටුම්පත් සකස්කර පාර්ලිමේන්තුවට එම කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ කටයුතු පෙබරවාරි මාසය වන විට සිදු කරන්නේ නම්, ඉහත සදහන් ආකාරයේ ඉල්ලීමක් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රජය විසින් සිදු කරන විටකදි අපි එය පිළිගන්නෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරමින් සිටින අවස්ථාවකදි සමහර කරුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයට අපහසුතා ඇති විය හැකි අතරම, එපමණක්ද නොව එය ක්‍රියාත්මක කිරීමට නොහැකිවන අවස්ථාවල සමහර සාධාරණත්වයන් තිබිය හැක. එහේත්, අත්අඩංගුවේ පසුවන්නන්, ඉඩම් නැවත ලබා දීම, උතුරෙහි හමුදාව අවම කිරීම, නැවත පදිංචි කිරීම් කටයුතු අවසන් කිරීම, බිම් බෝම්බ ඉවත් කිරීම, කාන්තාවන් පෙරටුකර ගත් (වැන්දඹු කාන්තාවන්) පවුල්වලට ගැලෙපෙන ජීවනෝපායක් ලබා දීම, තරුණ තරුණියන්ට රැකියා ලබා දීම වැනි ඉක්මනින් ක්‍රියාත්මක කල හැකි කරුණු, රජය විසින් කාලය විනාශ නොකරමින් ක්‍රියාත්මක කිරීමට හැක. එබැවින් අද සිට පෙබරවාරි මැදභාගය දක්වාවු කාලය තුල රජය අවම වශයෙන් මෙම කරුණු සම්බන්ධයෙන් ප්‍රගතිශීලි ක්‍රියාමර්ග ගත යුතුය.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදි දෙමළ ජනතාවගේ අභිලාෂයන් පිළිගෙන කෙටුමිපත් සැකසිය යුතුය. එවැනි අවස්ථාවකදි පමණක් රජයට කාල අවකාශයකක් ලබා දීමට එකඟ වන්නෙමු. එය සාධාරණ වනු ඇත.එවැනි ආකාරයේ ක්‍රියාකාරකම් සිදුනොවන අවස්ථාවකදි අප වෙනස් ආකාරයෙන් ක්‍රියා කල යුතු පසුබිමක් ස්වාභාවිකම ඇතිවනු ඇත. ඒ සඳහා අප පසුබට නොවන්නෙමු. යුධ අපරාධ කරුණේදි රජයට කිසිදු අවස්ථාවක ඉවත්ව සිටිය නොහැක. එයට අපද ඉඩ තබන්නේද නොමැත. සමහර කරුණු රජය විසින් පමණක් සිදු කළ හැක. ඒ සඳහා අප විසින් රජයට දිගින් දිගටම නොයෙක් ආකාරයෙන් බලපෑම් සිදු කරමින් සිටින්නෙමු. ඒ ආකාරයෙන් වු කරුණුවලට විදේශීය රටවල බලවේග සහයෝග දක්වන බලවේග ලෙස තිබිය යුතුය. එම යථාර්ථය අවබෝධ කරගත් පුද්ගලයින් ලෙස, සහය දක්වන බලවේගයන් උපක්‍රමික බලවෙගයන් ලෙස භාවිතා කරන උපායන් අප සතුව ඇත යනුවෙන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න