Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සුනාමිය නිසා ව්‍යසනයට පත්වුවන්ට තවමත් යටිතල පහසුකම් ඉටුකරදී නොමැත

|Tue 27 Dec 2016 11:12|Political| Page Views : 11

අලුත් පුවත්
දෙමළ ජාතික සන්ධානයෙන් ජාතික ආණ්ඩුවට කාලසීමාවක් ලබා දෙයි
පරිභෝජනයට නුදුසුසු ආහාර විකුණා වැඩ වරදී
සීමා නීර්ණ වාර්තාව සකසා අවසන් - බාරදීම අදයි
අලුත් ඡන්ද ක්‍රමයෙන් ජනතා ගැටලු විසදෙන්නේ නැහැ
බිම් බෝම්බ පිටුදැකීමේ ප්‍රඥප්තියට අත්සන් නොකිරීම ගැටළුවක්
වවුනියාවේ රිය අනතුරකින් 3ක් මරු දකී..
ගිනිකෙළි අනතුරු පහලට හදිසි අනතුරු ඉහලට..
බදුල්ල බලා ධාවනය වීමට තිබූ දුම්රිය හදිසි පරීක්ෂාවකට ලක් කරයි...
 
(මෙම ලිපිය පරිවර්ථනය කලේ ටැමිල් කින්ග්ඩම් වෙබ් අඩවියවෙතිනි )

සුනාමියෙන් පීඩාවට පත් පුද්ගලයින්ට යටිතල පහසුකම් පවා රජය තවමත් ඉටුකරදී නොමැත. මේ වනවිට රටේ සිදුවන සිදුවීම් අප සියළු දෙනා අතර දැඩි කණගාටුවක් ඇතිකර ඇත යනුවෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් ප්‍රකාශ කර ඇත. වව්නියාව පූන්තෝට්ටම් හි පිහිටි සුනාමි අනුස්මරණ ශාලාවේදී 2016.12.26 වන දින පැවැත්වූ රැස්වීමට සහභාගී වී අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

දහස් ගණනක් තම ඥාතීන්ව අනුස්මරණය කරමින් සිටින මෙම අවස්ථාවේදි, සියළුම ආත්මයන්ට ශාන්තියක් වේවායි යන්න ප්‍රාර්ථනා කල යුතුය. වව්නියාවට සුනාමි ව්‍යසනයක් ඇති නොවුනත්, සුනාමි ව්‍යසනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ විදේශයේ මියගිය සියළු ජනතාවට ජාති භේද, ආගම්වලින් තොරව බුහුමන් දක්වන්නෙමු.

නමුත්, සැබෑ වශයෙන්ම අපගේ රටේ ජාතිවාදය, ආගම් වාදය යනාදියේ උච්චතම මට්ටමක ඇත. මෙවැනි පසුබිමකදී, සුනාමි ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් පවුල්වලට රජය විසින් මූලික අවශ්‍යතා වන නිවාස පහසුකම්, ජීවනෝපායන් යනාදිය සිදුකර දිය යුතු අවශ්‍යතාවක් ඇති බව වසර 12කට පසුවත් දැකගැනීමට ඇත.

හමුදාව මෙම පුද්ගලයින්ගේ ඉඩම් නිදහස් නොකරන බවට අපට පැමිණිළි ලැබී ඇත. වසර 12ක කාලයක් සුනාමි ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් බොහෝ පවුල්වලට ලබාදිය යුතු මූලික පහසුකම් ප්‍රතික්‍ෂේප කර ඇත. ඒ අතරම, යුද්ධය හේතුවෙන් පීඩාවටපත් පුද්ගලයින්ටත් එම අයිතිය ප්‍රතික්‍ෂේප කර ඇත. එබැවින්, රජය මූලික පහසුකම් ඉටුකරදිය යුතු අතර, ස්ථිර සාමයක් ඇති කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය.

නමුත්, අපගේ රටේ සිදුවන සිදුවීම් අප සියළු දෙනා අතර දැඩි කණගාටුවක් ඇතිකරවා ඇත. විශේෂයෙන් මඩකලපුවේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේ ක්‍රියාකල ආකාරයත්, ඉන් පසු අධිකරණ අමාත්‍යවරයා අදාළ භික්‍ෂුන් වහන්සේට සහයෝගය දක්වමින් කතා කර තිබීමත් අපගේ කණගාටුවට හේතුවක් ලෙස පෙන්වාදිය හැකිය. එවැනි තත්වයක් මේ වන විට දැක ගැනීමට ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න