Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලක්මාල්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ද.අප්‍රිකාව අසරණ වෙයි..

|Tue 27 Dec 2016 14:35|Miscellaneous| Page Views : 46

අලුත් පුවත්
රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වෙි.
වයඹ සෞඛ්‍ය වර්ජනයක්.
සුනාමි නිවාස 500ක් තවමත් ජනතාවට පවරා නැහැ
සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ට කැඳවීමක්
දඬුගම් ඔයෙන් අවි පෙට්ටියක්
රවිරාජ්ගේ ශිරීරය උනුසුම්ව තිබුණි. අල්ලා බැලූ මතකය තවමත් මැකීගොස් නොමැත
සුනාමිය නිසා ව්‍යසනයට පත්වුවන්ට තවමත් යටිතල පහසුකම් ඉටුකරදී නොමැත
දෙමළ ජාතික සන්ධානයෙන් ජාතික ආණ්ඩුවට කාලසීමාවක් ලබා දෙයි
 
සුරංග ලක්මාල්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 286 කට සීමා වෙයි.සුරංග ලක්මාල් ගේ හොඳම පන්දු යැවීම 63/5 දෙවැනි දිනයේ දී ලකුණු 19 ක් තුළ දකුණු අප්‍රිකා පළමු ඉනිමේ කඩුලු 4 ක් බිඳ වැටේ.

දකුණු අප්‍රිකා ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 104 යි. 32 වැනි ටෙස්ට් තරගයට සහභාගීවන සුරංග ලක්මාල් තම හොඳම පන්දුයැවීම ලෙස පන්දුවාර 27 ක දී ලකුණු 63 ක් ලබා දෙමින් කඩුලු 5 ක් දවා ගගැනීමට සමත්විය.

දකුණු අප්‍රිකාව තරගයේ පළමු දිනය අවසන් වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 267 ක් ලබා සිටි අතර, ඒ වනවිට නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ කුවින්ටන් ඩි කොක් හා වර්නන් පිලැන්දර්.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස පිලැන්දර් ලකුණු 13 කට දැවී ගිය අතර, 8 වැනි කඩුල්ල ලෙස කේෂව් මහරාජ් දැවී ගියේ, ලකුණු නොලබා සිටියදියි.

එය සුරංග ලක්මාල් දවා ගත් 5 වැනි කඩුල්ල ලෙස වාර්තා අතරට එක්වුනේ ඔහු එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු අවස්ථාවද සටහන් කරමින්.මීට පෙර සුරංග ලක්මාල්ගේ හොඳම පන්දුයැවීම ලෙස දැක්වුනේ ලකුණු 78/4 ලෙසය.

මෙහිදී රංගන හේරත් ලකුණු 48 ක් ලබා දෙමින් කඩුලු දෙකක් දවා ගනිද්දී, නුවන් ප්‍රදීප් ලකුණු 66 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත්විය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ජේපී ඩුමිනි ලකුණු 63 ක් රැස්කල අතර, ආරම්භක පිතිකරු ස්ටීවන් කුක් ලකුණු 59 ක් රැස්කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න