Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඔසප් නිවාඩුව නිර්දේශ කරයිද

|Wed,28 December 2016 21:04|Miscellaneous| Page Views : 103

අලුත් පුවත්
කාන්තාවක් මරුට 5ට තුවාලයි.
මිල ඉහළ දැමීමේ ඉල්ලීම වතුරේ යයිද..
වයඹටත් කෙටුම්පත එපා වෙයි
හිටපු අගමැතිට පුර්ණ රාජ්‍ය අනුග්‍රහය. ශෝක දිනයක් නෑ
වව්නියා ප්‍රාදේශීය මාධ්‍යවේදියා අසරණ වෙයි !
සුසන්තිකාගේ සෞඛ්‍ය තත්වය කොහොමද
නැගෙනහිර පළාත් වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සි.දණ්ඩායුදපානි දිවුරුම්දෙයි!
 
ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ටත් ඔසප් නිවාඩුවක් ලබාදිය යුතුයැ'යි කැබිනට් මණ්ඩලයට නිර්දේශ කිරීමට සූදානම් බව කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර පවසන්නීය.

ඇමතිවරිය ඒ බව කියා සිටියේ චීනයේ පළාත් ගණනාවක් තුළ දැනටමත් ක්‍රියාත්මක ඔසප් නිවාඩුව ශ්‍රී ලංකාවේත් ක්‍රියාවට නැගිය හැකි දැයි සංදේශය කළ විමසීමකදීය.

ශ්‍රී ලංකාවේත් එවැනි නිවාඩුවක් ලබා දිය යුතුයැ'යි තමන් පුද්ගලිකව විශ්වාස කරන බව චන්ද්‍රානි බණ්ඩාර ඇමතිවරිය ප්‍රකාශ කළාය.

"දරන්න බැරි වේදනාවක් එන කාන්තාවෝ ඉන්නවා. මමත් ඒ වගේ කාන්තාවන් ගැන හොඳට දන්නවා. ඒ නිසා මගේ පෞද්ගලික මතයක් හැටියට මම හිතනවා එහෙම නිවාඩුවක් දෙන්න පුලුවන්නම් හොඳයි කියල." යනුවෙන් ඇය පැවසුවාය.

ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමි වේ.

එවැනි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට පෙර එහි ඇති ප්‍රායෝගික ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් කළ යුතුව ඇති බව කාන්තා කටයුතු පිළිබඳ ඇමතිවරිය සඳහන් කළාය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න