Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විනිසුරුවරයෙක් ලෝක වාර්තාවක් තබයි.

|Mon,02 Jan 2017 15.10|Miscellaneous| Page Views : 82

අලුත් පුවත්
ආරක්‍ෂිත හිස්වැසුමට ප්‍රමිතිය ඕනෑ.
Swimming coach and six others arrested with drugs
Pope says terrorism casts bloodstain over world
ලංකාවට භයානක රෝගයක්
කුමාර ගුණරත්න අත්අඩංගුවට
රජයේ මුදල් සොරකම් කළ අයට දඬුවම් දෙන පනතක් ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට
සංචාරකයින්ට කොකේන් අලෙවිකරන සංවිධානාත්මක කල්ලියක්
අද සිට පාසල් ඇරඹෙයි
 
අද (02) පැවැත්වෙන ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී නව ලෝක වාර්තාවක් බිහි වනවා.

ඒ, පාකිස්තාන විනිසුරු අලීම් ඩාර් ලෝකයේ වැඩිම තරග සංඛ්‍යාවක කටයුතු කළ විනිසුරු ලෙසයි.

දකුණු අප‍්‍රිකානු විනිසුරු රූඩි කර්ස්ටන් සහ අලීම් ඩාර් මේ වනවිට තරග 331 බැගින් විනිශ්චය කර තිබෙනවා. අද තරගය අලීම් ඩාර්ගේ 332 වන තරගයයි.

මේ අතර අද තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම සංශෝධන කිහිපයක් සමග පිටියට පිවිසීමට නියමිතයි. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා වෙනුවට බොහෝ විට උපුල් තරංග කණ්ඩායම නියෝජනය කරනු ඇති.

ශ‍්‍රී ලංකා පිතිකරණ අනුපිළිවලේ අංක 03 ස්ථානයට ධනංජය ද සිල්වා හෝ උපුල් තරංග ක‍්‍රීඩා කිරීමටද නියමිතයි.

දුෂ්මන්ත චමීර අද තරගයේ දී විවේක ගන්වා ඒ වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට කැඳවනු ඇති බවට ද විශ්වාසය පළ වනවා.

දකුණු අප‍්‍රිකාව අද තරගයට සහභාගී වන්නේ කිසිඳු වෙනස්කමකින් තොරවයි. කෙසේ වෙතත් කඩුලු රකින ක‍්‍රීඩක ක්වින්ටන් ඞී කොක් සුළු ආබාධ තත්වයකින් පසුවන බවට ද දකුණු අප‍්‍රිකාවෙන් ලැබෙන වාර්තාවල සඳහන්.

තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00 ට පමණ කේප්ටවුන්හි දී ආරම්භ වනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න