Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ෆොසිල් ඉන්ධන සහ පුනර්ජනනීය ශක්තිය

|Tue, 03 January 2016|Miscellaneous| Page Views : 60

අලුත් පුවත්
රංගන මුරලිට දෙවනි වෙයි..
නරක්වූ හාල් මීරිගමින් මාට්ටු..
කථිකාචාර්යවරයෙකු දුම්රියකට බිලි.
කල්පිට්යේ වෙළද සේවා සංගමය පාරට !
පූජකයා තමා දූෂණය කළ හැටි චිත්‍ර‍යකට නැගූ අවුරුදු 5හේ දැරිය
විපක්ෂ නායක අලුත් වැඩකට අත ගහයි..
protest against increasing the price of a lottery !
දෙමළ ජාතික සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 

තව අවුරුදු බිලියන 5 කට පසු, අප සිටින පොළව සූර්යයා වෙත ආකර්ෂණය කර දැවී යන බව ඇමරිකාවේ නාසා ආයතනය මගින් කියයි.

මෙය කණගාටුවට කරුණකි. එහෙත් මෙයට වඩා කනාගාටූ වීමට කරුණු මේ ලෝකයේ අනන්ත ඇත. එක හේතුවක් නම්, වර්ග මීටරයකට වොට් දාහක් හෝ ඊටත් වඩා ශක්තියක් ගෙනෙන හිරු ගේ බලය අමතක කර, පරිසරයට අහිතකර ෆොසිල ඉන්ධන අද දිනද ලෝකයේ භාවිතා කිරීමය.

ෆොසිල ඉන්ධන නිර්මාණය වන්නට වසර මිලියන ගණන් කාලයක් යන්නේය. මේ ඉන්ධන හැදෙන්නේ ලෝකයේ සම්භවයේ සිට ඇති වූ කාබනික ද්රව්යයන් කාලය විසින් වෙනස් කරමිනි. ගහක් කොලක් නොවැවෙන කාන්තාර භුමියේ පොලවේ යට මේ ඉන්ධන ඇත්තේ කෙසේද යන්න, ඒ කාල සීමාවේ විශාලත්වය යන්නට අනුරූපව අදහසක් ගෙන දේ. එනම් නොයෙකුත් හේතුන් නිසා, බොහෝ කාලයකට පෙර ගස් කොළන් ඇති භූමින් පසු කල කාන්තාර වී ඇත්තේය. ඒ පැරණි ගස් කොළන් වල දිරා ගිය කාබනික කොටස් ඉන්ධන බවට පත්ව පොලවේ යට ස්ථර වල තැන්පත්ව ඇත්තේය

මේ ෆොසිල ඉන්ධන වල ජනප්රිය භාවය වැඩි වූයේ කාර්මික විප්ලවය සමඟ වුවද, අද ඒ ෆොසිල ඉන්ධන ලොවට පිළිලයක් වී ඇත්තේ, ලෝකයේ වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි වීම වැනි, එමගින් ඇතිකරන ලද අහිතකර විපාක හේතුවෙනි. විශේෂයෙන් ඇමරිකාව සහ යුරෝපය කාර්මික විප්ලවය හේතුවෙන් නිෂ්පාදනය කරන ලද යන්ත්ර සහ වාහන සඳහා ඉන්ධන අවශ්ය නිසා, ෆොසිල ඉන්ධන වලට ඉතා ඉහළ ඉල්ලුමක් ලැබිණි. එසේ නමුත් අද දින ඒ ඉල්ලුම සීඝ්රාකාරයෙන් අඩු වීමක් දකින්නට ඇත්තේ, ෆොසිල ඉන්ධන වලින් කෙරෙන කාර්යය වෙනත් ආකාර වලින් කර ගත හැකිවීම නිසාය.

උදාහරණ වශයෙන්, ෆොසිල ඉන්ධන භාවිතා කලද , අද දින නිෂ්පාදනය වන මෝටර් රථ, පැරණි මෝටර් රථ වලට වඩා කාර්යක්ෂම වේ. එවිට ඒ වාහන වලට ඉන්ධන අවශ්ය වන්නේ සාපේක්ෂව අඩු ප්රමාණයකි. එමෙන්ම සම්පූර්ණයෙන්ම විදුළියෙන් ක්රියාත්මක වන වාහන වල ජනප්රියතාවයද වේගයෙන් වැඩි වන්නේය

මේ අතර නිවාස මෙන්ම කර්මාන්ත ශාලාද හිරු එළිය මෙන් පුනර්ජනනීය ශක්ති ප්රභව වලින් ඒ විදුළි බල අවශ්යතාවය ඉටු කර ගැන්මට උනන්දු වේ. නොයෙක් ආකාරයේ විදුළි නිෂ්පාදන සහ ඒවා ගබඩා කර ගැනීමේ ක්රම ඇති බව ඔබ සමහරවිට දන්නවා ඇත. එයින් එක් ක්රමයක් නම්, සූර්ය කෝෂ වලින් ලැබෙන විදුළිය බැටරි වල ගබඩා කර ගැන්මය. සාමාන්යයෙන් මෝටර් රථ වල භාවිතා කරන බැටරි මේ සඳහා එතරම් යෝග්ය නොවන්නේ, ඒවායේ ගබඩා කරන විදුළි බලයෙන් වැඩි ප්රමාණයක් නැවත ලබා ගැනීම එම බැටරි වල ආයු කාලය කෙටි කරන හෙයිනි. එසේ හෙයින් තරමක් වෙනස් ආකාරයෙන් තනන ලද බැටරි (Deep cell batteries) වඩාත් යෝග්ය වේ .

කෙසේ හෝ බැටරි භාවිතය වැඩි වීම තීරණය වීම අනාගතය මතද රැඳෙනු ඇත. [පහත චේදය බලන්න.] වඩා කාර්යක්ෂම බැටරි අනාගතයේ බිහි වීම මගින්, පාරිභෝගිකයාට සම්පූර්ණයෙන්ම විදුළි බල මණ්ඩලයෙන් ඉවත් වී යෑමට අනාගතයේ හැකි වනු ඇත

උදාහරණයක් වශයෙන් ලංකාවේද භාවිතා කරන නිසාන් ලීෆ් විදුළි රථයේ බැටරියේ ගැබ්ව ඇති ශක්තිය, මධ්යම පාන්තික නිවසක සියලුම විදුළි අවශ්යතා සඳහා දින තුනක් පමණ කාලයක් ප්රමාණවත් වේ. ඔබේ නිවසේ වහළ උඩ ඇති තරම් සූර්ය පැනල තිබේ නම්, ඔබ එවිට විදුළි බලයෙන් ස්වයංපෝෂිතය

අනෙක් ක්රමය පළාතේ ඇති විදුළි සැපයුම සමඟ ඔබගේ නිවසේ වහළයේ සවි කර ඇති සූර්ය පැනල වලින් ලැබෙන විදුළි බල ශක්තිය සම්බන්ද කිරීමයි. එවිට එය විදුළි බල බැංකුවක් ලෙස ක්රියාත්මක වේ. එනම්, ඔබ දහවල් කල නිපදවන ශක්තිය, රාත්රී කාලයේ ප්රයෝජනයට ගනී. යම් හෙයකින් ඔබ උපයන ශක්තිය පළාතේ ඇති විදුළි සැපයුමෙන් ලබන ශක්තියට වඩා වැඩි නම්, ඔබට වෙනත් මාසයක, එනම් අඩු හිරු එළිය ඇති මාසයක ඒ ශක්තිය ලබා ගත හැක. [net metering and feed-in tariff (FIT) schemes ]

සමහරවිට ඔබගේ නිවසේ වහළයේ ඇති සූර්ය පැනල් වලින් නිපයන ශක්තිය ඔබගේ මාසික විදුළි බල අවශ්යතාවය ඉටු කරන්නට ප්රමාණවත් නොවෙන්නට ඉඩ ඇත. එවිට ඒ අඩුව ඔබට , පළාතේ විදුළි බල සැපයුමෙන් මිළට ගත හැක. ෆොසිල ඉන්ධන භාවිතා නොකර පුනර්ජනනීය ශක්ති ප්රභව වලින් ලබා ගන්නා මේ ශක්තිය ලොවේ උෂ්ණත්වය වැඩි කිරීමක් නොකරයි. වාසනාවට පරිසරයට ආදරය කරන මිනිසුන් බොහෝ දෙනෙක් මේ හා එක්ව පුනර්ජනනීය බල ශක්තිය ගැන උනන්දු වේ

මේ ක්රමය කාලීන වශයෙන් ඉතා වාසි සහගත දෙයකි. ලංකාවේ නම් ඔබ වැඩියෙන් ජනනය කරන විදුළියට ගෙවීමක් කරන්නේ නැත. එහෙත් යම් යම් රටවල් වල ඒ සඳහා ගෙවීම් කරනු ලබයි. එසේ නොවුනද ලැබෙන ලාභයම, ඒ ගෙවීම වේ. උදාහරණයක් ලෙස ඇමරිකාවේ සාමාන්ය කාමර දෙකක නිවසක වහලයේ සවි කරන ලද සූර්ය පැනල මගින් ඩොලර් 100-200 ප්රමාණයේ මුදල් ඉතිරි කිරීමක් වේ

එක්සත් අරාබි ජන රජය වැනි ඉතා ප්රගතිගාමී රටක් තවත් හොඳ උදාහරණයකි. එහි ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 8ක් පමණ වියදම් කළහොත්, ඒ මුදල පියවෙන්නට ගත වන්නේ අවුරුදු තුනක පමණ කාලයකි. එතනින් එහාට කෙනෙක් විදුළි බලය සඳහා කිසිම මුදලක් වියදම් නොකරයි. මේ අතර සැළකියයුතු කරුණක් වන්නේ, එක්සත් අරාබි ජනරජය යනු තෙල් වෙළඳාම් කරන ඔපෙක් රටක් [OPEC -Organization of the Petroleum Exporting Countries ] වීමය. එවැනි රටක් පවා පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත් කම තේරුම් ගෙන ඇත

අළුතෙන් ඇති වී තිබෙන මේ ප්රවණතාවය නිසා විශේෂයෙන්, තෙල් නිෂ්පාදනය කරන අරාබි රටවල් සහ එම වෙළඳාමේ අතරමැදියන් ශත වර්ෂයක් පමණ ලැබූ දැවැන්ත ළාභය අඩු වෙමින් පවතී. එය දිනක ක්ෂය වී නැතිවී යන බැව් ඔවුන් දනී. එසේ හෙයින් හැකි තාක් කල් එම ප්රවණතාවය තබා ගැනීමට ඔවුන් උත්සාහ කරයි. මෙසේ ඇමරිකාව ඇතුළු අනෙක් ඕනෑම රටක් තෙල් කොම්පැණි වල ඇති අසීමිත ධන බලයට නම්මා ගැනීමට සැමවිටම උත්සාහ කරයි

පරිසරයට ආදරය කරන මිනිසුන්ගේ වාසනාවට මෙන්, ෆොසිල වෙළඳාම් කරුවන්ගේ ජාවාරමට අනියම් ආකාරයේ විරුද්ධතාවයක් පවතී. එනම් මේ තෙල් වෙළෙන්දන් සහ කුප්රකට දේශපාලනඥයන් මෙන්ම කුප්රකට පරිපාලකයන් ගේ ෆොසිල තෙල් පවත්වා ගැනීමේ යටි කූට්ටු වැඩපිළිවෙලට විරුද්ධ තවත් බලවත් කොටසක් වන්නේ ආයෝජන කරුවන්ය. ඔවුන්ට අවශ්ය වන්නේ යම් මුදලක් ආයෝජනය කර, එමගින් මුදල් වැඩි වැඩියෙන් සෙවීමය. තව දුරටත් ෆොසිල ඉන්ධන සඳහා ආයෝජනය කරන්නට ඔවුන්ගේ අදහසක් නැත. තෙල් මාෆියාවට අනියම්ව පවතින විරුද්ධ බලවේගය ඔවුන් වේ

මාස තුනකට පෙර පමණ පෙර, ප්රසිද්ධ බ්ලූම්බර්ග් වෙබ් පිටුවේ ප්රචාරය වූ පුවතක් අනුව, එක්තරා ආයෝජකයන් පිරිසක්, තව දුරටත් පුනර්ජනනීය බලය නොවන වෙන ශක්ති ප්රභවයන් සඳහා ආයෝජනය නොකරන බවට තීරණයක් ගන්නා ලදී. මේ කව්රුන්වත් නොව, වතිකානුව මධ්ය කර ගත් ආගමික සංවිධානයි. මෙය විය හැකි දෙයක් නොවේ යයි කෙනෙක් සිතන්නට පුළුවන, එහෙත් සාපේක්ෂව මෙය විය හැකි දෙයක් .

අපේ රටේ මෙසේ වෙනවා නම්, වතිකානුවට මුදල් යන ප්රමාණය කොපමණ වේද ? සමහර ආගම් නිකායන් වලට සම්බන්ද අය තමාගේ වේතනයෙන් 10% ක් හෝ ඊටත් වඩා වැඩි ප්රමාණයක් නොයෙක් ආකාරයේ පල්ලිවලට මාස් පතා දෙන්නේය. එසේ හෙයින් ලෝකයේ වැඩිම මුදල් සංචිත ඇති ආයෝජකයන් අතර ආගම් හා සම්බන්ද ආයතන, කැපී පෙනෙන ආයෝජකයන් වේ.

කෙසේ හෝ ඔවුන්ට ආගමෙන් ඇති යම් බලපෑමක් නිසා හෝ, හුදෙක් පුනර්ජනීය ශක්තිය ලබා ගැන්මට භාවිතා කරන භාණ්ඩ වලින් ලබා ගත හැකි ළාභය නිසා හෝ, වායු ගෝලයට කාබන් එකතු කරන ෆොසිල ශක්ති ප්රභවයන් සඳහා තව දුරටත් ආයෝජනය නොකිරීමට තීරණය කර ඇත. පුනර්ජනනීය ශක්ති ප්රභවයන්ට ආදරය කරන්නවුන්, දිරිමත් කරන්නවුන්ට සහ පරිසර වේදීන්ට මෙය සත්ය වශයෙන්ම ශුභ ආරංචියකි

දැන් මේ කියන තරම්ම සූර්ය බලයෙන් විදුළිය නිපදවීම පහසු දැයිද බැලිය යුතුය. මෙය උදාහරණයකින් කීම වඩාත් යෝග්ය වේ. මේ බල ශක්ති වෙනස්/ අරගලය දේශපාලනයට සම්බන්ද වීම වැළැක්විය නොහැක්කකි. එසේ හෙයින් දේශපාලන තීන්දු මත මෙය රැඳේ. ආයෝජනය දිරිමත් කිරීමට බදු සහන මෙන්ම, සූර්ය ශක්තිය ලබා ගැනීමට අවශ්ය භාණ්ඩ ගැනීමට පහසු ණය මුදල් සැපයීමට දේශපාලන තීන්දු ගැනීම මෙහි ලා වැදගත් වේ
මෙහිදී ඇතිවන තත්වය තවදුරටත් සාකච්චා කළහොත් :-
සෝලාර් පැනල් වල මිළ 1976 සිට අදවන තෙක් 222% ක ප්රමාණයකින් අඩු වී ඇත. එසේම 1990 සිට සූර්ය බලය ලබා ගැනීමේ ඇටවුම් ප්රමාණය, සෑම අවුරුදු දෙකකටම වතාවක් දෙගුණයක් වන්නේය.

මේ අනුව කිසියම් දවසක ලෝකයේ මුළු ශක්ති ප්රමාණයට ඒ සෝලාර් පැනල් වලින් ආවරණය වන දවසක් ඒම, හෙට පායන ඉර මෙන් යතාර්ථයකි. 2020 වසරේ සෝලාර් පැනල් තවත් 50% කින් අඩුවන බවට නම් අනාවැකි පල කර ඇත. මේ හේතුව නිසා ලංකාවේ අපටද අද පවතින මිළට වඩා අඩුවෙන් සෝලාර් පැනල් ගන්නට හැකි වනු ඇත.

මේ හේතුව හෙයින්, මෙවැනි ව්යාපෘතියක් සඳහා බැංකු වලින් ගැනීමට අවශ්ය ණය මුදල් ප්රමාණයද අඩු වෙනු ඇත. මේ ප්රගමනයට උර දෙමින්, ලංකාවේ පවතින පරිපාලනය/ ආණ්ඩුව විසින් සූර්ය බලය සඳහා අවශ්ය උපකාර දීම වහා ආරම්භ කල යුතුය එසේ නොවුන හොත් වන්නේ, ලොව වැඩිම ලෙස තෙල් භාවිතාවෙන රටවල් වල තෙල් ඉල්ලුම අඩු වීම හේතුවෙන් තෙල් නිෂ්පාදනය අඩු වුවද, අප වැනි දියුණු වෙමින් පවතින රටවල් වලට තෙල්වල අවශ්යතාවය නිසා නැවතත් රටට බලපාන අයුරු තෙල් මිළ ඉහළට යාම සිදු විය හැක.

මේ උගුලෙන් ඉවත් වීම කල හැකි එකම ආකාරය විශ්වාසයක් තැබිය නොහැකි ෆොසිල ඉන්ධන වලින් හැකි තාක් ඈත් වීම පමණි. ලෝකයේ දියුණු රටවල් අනුගමනය කිරීම, වඩා නුවණැති ක්රියාව වේ. ලෝකයේ දියුණු රටවල් පුනර්ජනනීය බල ශක්ති ප්රභව වලට යන ගමන මේ වන විටත් අරබා අවසානය

දැනට ලෝකයේ සූර්ය බලයෙන් ලබන ශක්තිය වැඩි වන ආකාරය දිගටම ගියහොත්, එම ධාරිතාවය 2030 දී ලෝකයේ සියලුම ශක්ති අවශ්යතාවයන් සපුරනු ඇත. අද කාලයේ නම් මේ සූර්ය ශක්තිය විදුළිය ලෙස ලබා ගැනීම දියුණු රටවල් වල වැඩි වන්නේ රේඛීය වශයෙන් නොව, ලඝු ගණක [Logarithmic (හෝ Exponentially increased) ] ආකාරයෙනි.

හිම වලින් වැසී ඇති කන්දක බෑවුමක, එම කන්දේ උඩ සිට කුඩා හිම බෝලයක් පහළට පෙරළෙනවා යයි සිතන්න. එහි මුල් බර ග්රෑම් 1ක් කියා හිතන්න. තත්පර 1 කින්, එය කන්දේ පහළට පෙරලීමෙදී එයට තව ග්රෑම් 1 ක් එකතු වුනා කියා හිතන්න. ඉන්පසු ඒ හිම කැටය පහලට පෙරලෙන විට, තවත් තත්පර 1 කින් තවත් ග්රෑමයක් එකතු වෙයි. මෙසේ සෑම තත්පරයකටම, එක් ග්රෑමය බැගින් එක් වෙන්නේ නම්, එය රේඛීය ලෙස සිදුවූ ආචරණයක් යයි කියන්නේය. එහෙත් පළවන තත්පරයේදී එක් ග්රෑම් එකක්ද, අනෙක් තත්පරයේදී ග්රෑම් එකකට වැඩි නම් එය වෙනස් ආකාරයේ වැඩි වීමකි. මෙය තේරුම් ගන්නට දමා ඇති රූපයේ රතු පැහැ රේඛාව බලන්න. එය ඉහත ආකාරයේ ආචාරනයක්, පෙන්වීමේ ක්රමයයි. නිල් පැහැයෙන් ඇති වක්ර රේඛාවෙන් කිසියම් දෙයක අඩු වීම පෙන්වයි

දැන් ප්රශ්නය වන්නේ, මේ සූර්ය බල ශක්තිය ලබා ගැනීමද, මේ කියන ආකාරයෙන්ම අනාගතයේ වේවිද යන්නයි. යතාර්ථවාදී ලෝකය ගතහොත් මෙය මෙසේ නොවේ. එයට ඔබට කිව හැකි හොඳම උදාහරණය වන්නේ, ලංකාවේ ත්රී වීල් වැඩි වූ ආකාරයයි. දැන් එය සංතෘප්ත තත්වයකට පැමිණ ඇත. මුල් කාලයේ මෙන් ත්රී වීල් දැන් විකිනෙන්නේ නැත. එය ඉහත කී වක්ර ආකාරයෙන් කිව හොත්, මුල් ආකාරයෙන් වැඩි වී, මේ කාලය වන විට රේඛීය වී ඇත. (S අකාරය) එනම් S වක්රය පියැවී ලෝකයේ සිදු වන සිද්ධාන්තයයි

මෙහි විලොමයද සත්ය වේ. ඔබගේ පියාගේ හෝ ආතාගේ කාලයේ වෑල්ව් රේඩියෝ ජනප්රිය වී තිබිණ. ට්රාන්සිස්ටර් රේඩියෝ පැමිණීමෙන් පසු එය ක්රමයෙන් ක්ෂය වී ගියේය.

අද නාඩගම් සිංදු අහන්නෝ විරළය. ඇහුවද වෑල්ව් රේඩියෝ වලින් අහන්නේ නැත අද දින ඔබගේ නිවසේ වෑල්ව් රේඩියෝ එකක් තිබේ නම්, එය කැඩී ඇත්නම් ලංකාවේ කී දෙනෙක්ට එය හදන්න හැකි වේවිද ?? මෙවැනි බාධක නිසාද, යම් යම් තාක්ෂණයන් සම්පූර්ණයෙන්ම ලොවෙන් නැති වී යන්නේය

අන්න ඒ කඩා වැටීම, කවදා හෝ ෆොසිල ඉන්ධන වලට වෙනු ඇත. මෙයට හේතු ඇස් පනා පිට පෙනේ. දශක කීපයකට පෙර පැවති ප්රශ්නය වූයේ, ෆොසිල ඉන්ධන වලින් පසු ? යන්නය.

එනම්, ෆොසිල ඉන්ධන වියැකී යන්නට පෙර නූතන සමාජයට එය එපා වෙමින් පවතී. ඒ වෙනුවට වෙනත් ශක්ති ප්රභව වේගයෙන් ජනප්රිය වෙමින් පවතී

මේ රැල්ලෙන් ලංකාවේ සිටින අප වෙනස් යයි ඔබ සිතන්නේ නම්, එයට ඉංග්රීසියෙන් කියන වචනයක් ඇත. එයට කියන්නේ Denial කියාය. එහි සිංහළ තනි වචනයක තේරුම මේ වෙලාවේ ඔළුවට එන්නේ නැත. උදාහරණයක් ඔළුවට එන්නේ ආගම් වලින්එක්කෝ ඕනා නැහැහැම තිස්සෙම ආගම් ගාව ගන්න ඕනා නැහැඒ නිසා මහගම සේකර, ප්රබුද්ධ කවි පොතේ ලියා ඇති කවියක් ගනිමු.. සිටියෝ මෝරපු ගෑනු-බැන්ද උස් කොන්ඩා හා- ඝන දෙතොල් උල් නිය ඇති, අඩවන් තඩිස්සි ඇස් -ඉග දෙපසින් එල්ලෙන මස් -විජිනිපතින් ගෙන පවන් සලමින්- බලමින් නෙත් කොනින් ගර්වයෙන් මැකෙන රූ සිරියට මුක්කු ගසමින්. වෙන විදියකින් කිව හොත්, වයසට යනවා කියන යතාර්ථයෙන් මිදෙන්න බැරි වීම සහ සැමදා තරුණ යයි සිතීම අන්න ඒ වාගේ කවදා හෝ ෆොසිල් ඉන්ධන ලොවෙන් ඉවත් වෙන එක වෙනවා. ඒ යතාර්ථය බොහෝ උගතුන් තවම තේරුම් ගන්නේ නැහැ. හැබැයි එය වන්නේ ඔබත් මාත් හිතනවාට වඩා ඉතාමත් ඉක්මනින්

මෙම යතාර්ථයට අප මුහුණ දිය යුත්තේ කෙසේද ? මේ ළිපිය බලන ඔබ පශ්චාත් උපාධියක්, උපාධියක්, ඩිප්ලෝමා එකක් එසේ නැත්නම් අඩු ගානේ අ.පො. ස. සාමාන්ය පෙළ හෝ අට වසර සමත් කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ අප ලැබූ අධ්යාපනයේ මොනතරම් කොටසක් සාමාන්ය ජීවිතයේ භාවිතා කරනවාද?

ඒ ප්රමාණයෙන් ඔබට කොපමණ දෙයක් තවමත් මතකයේ තියෙනවාද ? එසේම ඒ ඉගෙන ගත් දේවල් වලින් කොපමණ ප්රමාණයක් මේ වන විට කුණු බක්කියට වැටී තියෙනවාද ? අවංකවම කියුවොත්,අප ඉගෙන ගත් දේවල් වලින් 50% ක් වත් අපට මතක නැහැ. මොකද ඒවා මා සාමාන්ය තාත්වික ලෝකයේ භාවිතා කරන්නේ නැහැ. මතක තව සෑහෙන ප්රමාණයක් ලෝකෙට එපා වෙලා. අන්න ඒ වගේ, ඉගෙන ගත් දේ වුනත් සදාකල් පවතින්නේ නැහැ. එය ඔළුවට අන් තට්ටුවක් කරගත්තොත්, එතනින් එහාට ඒ මනුස්සයාගේ ඉගෙනීම සමාප්ත වෙනවා. මේ ටික ලිව්වේ , ඒ දැනුම අහක යනවා නම්, අළුත් දේ ඉගෙන ගත යුතු බවට යෝජනා කිරීමටයි අපි දැන් නැවත කතාවට බහිමු

ෆොසිල ඉන්ධන අවශ්යම දේ වන්නේ රථ වාහන වලටයි. ඔබ සමහරවිට දන්නවා ඇති, ඇමරිකාවේ අද දින ජනප්රියතම මෙන්ම වේගවත්ම මෙන්ම සාපේක්ෂ වශයෙන් කිසිම නඩත්තුවක් නැති වාහනයක් වන්නේ අවුරුදු සිය ගණන් පැරණි, බී. එම්. ඩබ්ලිව් හෝ මර්සිඩීස් බෙන්ස් නොවේ. ඔව්, එය ටෙස්ලා මොඩල් එස් කියන සම්පූර්ණයෙන්ම විදුළියෙන් ධාවනය වන වාහනයයි.

ඇමරිකාවේ අද විකිනෙන හොඳම වාහනය එය ලෙස සැලකේ. ඇයි මෙය මෙතරම් ජනප්රිය වුනේ?

විදුළි වාහනයක්, ෆොසිල තෙල් වලින් දුවන වාහනයකට සාපේක්ෂව 5 ගුණයක් කාර්යක්ෂම වෙනවා. සාමාන්ය මෝටර් රථයක් 20% ක පමණ කාර්යක්ෂම වන අතරේ, විදුළි වාහනයක් 90-95% ක් පමණ කාර්යක්ෂම වෙනවා.

මොකක්ද මේකේ තේරුම? සාමන්ය වාහනයකට ඔබ මිළදී පුරවන ඉන්ධන වලින් 80% ක් පමණ අපතේ යනවා. එහෙත් විදුළි මෝටරයක් 90% ක් හෝ ඊටත් වඩා කාර්යක්ෂම වෙනවා. ඊලඟට කියන්න ඇත්තේ, ඔබ පෙට්රල් වලට කරන වියදමෙන් 10% යි විදුළි වාහනයකට යන්නේ. ඒ වියදමත් බින්දුව වෙනවා , ඔබේ නිවසේ වහලේ සූර්ය පැනල් ඇටවුමකින් විදුළිය ලැබෙනවා නම්. ඊළඟට කියන්න ඇත්තේ, සාමාන්යයෙන් මෝටර් රථයක සෙලවෙන කොටස් දෙදහසක් වත් තියෙනවා. ඉහත කියන ලද ටෙස්ලා මොඩල් එස් වාහනයේ ඇත්තේ කොටස් 18ක් පමණයි,මෙය සාමාන්ය වාහනයකට සාපේක්ෂව 1% කියා ඔබට පෙනේවි

ඉතින් මොකද ඕකේ ඇති ළාභය? ළාභය නඩත්තු ඉතාම අඩු වීමයි. ටෙස්ලා සමාගම මගින් කියන්නේ අනන්ත දුරකට වාහනයකට වග කීම් කාලය (වොරන්ටිය) කියා

ඉතින් මේ ඔක්කොම ප්රතිලාභ වාහනේ හෙමෙන් බඩ ගාමින් ගිහින්ද ? ටෙස්ලා වාහනය , දැනට ලොව ඇති වේගවත්ම වාහනය වන බුගාටි වේරෝන් හැර ෆෙරාරි, ලැම්බෝගිනි යනාදී, එකී නොකී වාහන වලට වඩා වේගයෙන් ධාවනය කල හැක

එක් වරක් ආරෝපණය කල පසු එය හැතැප්ම 200 ක් ධාවනය කල හැක. මෙවැනි වාහන වල මිළ එන්න එන්නම අඩු වේ. දැන් ඔබට මා කියන්න යන්නේ කුමක්ද්යි තේරෙනවා ඇත. මේ ආකාරයේ වාහන ඇති විටෙක, ඒ නඩත්තුව මෙන් හාග ගුණයක් වැඩි වාහනයක් සඳහා මුදල් වැය කිරීමේ තේරුමක් නැති බවය. මෙන්න මේ තේරුමක් නැති බව තේරීම වන්නේ 2020 පමණ වන විට යයි අනාවැකි පළවේ.

2022 දී විදුළි වාහනයක් ඩොලර් 20,000 කට වඩා අඩු වනු ඇත. මේ අනුව 2025 දී සියලුම වාහන විදුළියෙන් දුවනු ඇත. මේ අනාවැකි වඩා යෝග්ය වන්නේ දියුණු රටවල් වලටය. එහෙයින් අපි ලංකාවට තවත් අවුරුදු 7 ක් වත් දෙමු එනම් 2032 වසරයි

මෙන්න මේ ඉලක්කයට අප නොගිය හොත් සිදු වන්නේ ඉහත චේදවලින් මා ඔබට කියු දේවල්ය

හොදයි එහෙනම් අපි බලමු ෆොසිල් ඉන්ධන සහ පුනර්ජනනීය ශක්තිය අපට බලපාන්නේ කෙසේද කියලා?

විදුළි වාහනයක් ජනප්රිය වන්නට එක් වැදගත් හේතුවක් වන්නේ, වරක් ආරෝපණය කල පසු එයට ධාවනය කල හැකි උපරිම දුර වේ. වැඩි දුරක් යෑමට හැකි නම්, ඒ වාහනය වඩාත් ජනප්රිය වේ. වාහන නිෂ්පාදකයන් අතර මේ හේතුව උදෙසා සීතල යුද්ධයක් ආරම්භ වී ඇත. දැන් දැන්, අපට කරන්න ඇත්තේ විශාල නිෂ්පාදකයන් කරන කියන දේ බලා සිටීම පමණි. ලෝකය ෆොසිල ඉන්ධන වලින් ඈත්ව යන මේ ගමනේ, විශාල නිෂ්පාදකයන් අතර ඇතිවන තරඟය හේතුවෙන් විදුළි වාහනවල ඒකාධිකාරය නැති වීම, ලොව පුරා සිටින සාමාන්ය මිනිසුන්ට විශාල සහනයකි

ඇමරිකාවේ ජී. එම්. සී. [GMC - General Motors Corporation] වාහන නිෂ්පාදකයන් විසින් චෙවි බෝල්ට් නම්, එක් ආරෝපනයකින් අද වන විට වැඩිම දුරක් යාමට හැකි විදුළි වාහනය තනා ඇත. මේ වාහනය ඇමරිකාවේ ඩොලර් 37, 500 කට මිළ නියම කලද, ඇමරිකාවේ විදුළි වාහන වලට බදු සහන ලැබෙන හෙයින්, ඒ අගය අඩුවූ පසු ඩොලර් 30,000 ක් වන බව කියවේ. මේ වාහනය තැනීමත් සමඟම මෙතෙක් වැඩිම දුරක් ධාවනය කල හැකිව තිබු ටෙස්ලා මොඩල් 3 වාහනය දෙවන ස්ථානයට පැමිණ ඇත .

තවද චෙවි බෝල්ට් වාහනය පැයට කිලෝ මීටර් 100 ධාවන වේගය, තත්පර 7ක් ඇතුලත ලබා ගන්නා බවද GMC ආයතනය පවසයි. ෆොසිල ඉන්ධන වලින් ක්රියාත්මක වූ මෝටර් රථ නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් වන, ශත වර්ෂයක් පමණ කාලයක් මෝටර් රථ නිෂ්පාදනය කරන GMC ආයතනය විදුළි වාහන නිෂ්පාදනයට පැමිණීම, විදුළි වාහන නිෂ්පාදනය ගැන ඔවුන්ගේ උනන්දුව පෙන්වයි. GMC එයට අවතීර්ණ වීම, විදුළි වාහන ලෝකයේ මුල් තැනට එන නිෂ්පාදනයක් බවට ඉඟියකි

මේ හා සම්බන්ද වූ අතුරු කතාවක් ඔබට කියන්නට කැමතියි. ලෝකයේ දියුණු රටවල් වල කොටස් වෙළඳ පොළ හා සම්බන්ද අය, ප්රංශ ජාතික පියරේ අන්ඩුරන්ඩ් [Pierre Andurand-ගූගල් කර බලන්න...] යන පුද්ගලයා ගැන දන්නවා. 2014 වසරේ තෙල් වෙළඳපොල කඩා වැටීම පිලිබඳ සත්ය වූ ස්ථිර අනාවැකියක් පළ කිරීම සම්බන්දව ඔහු ලෝක ප්රසිද්ධ විය. එනම් 2020 වසරේ, විදුළි වාහන වෙළඳ පොළට සීඝ්රාකාරයෙන් පැමිණෙන නිසා, තෙල් වෙළඳපොල කවදාවත් නොසිතූ අයුරෙන් වෙනස් වන බවට ආන්දෝලාත්මක අනාවැකියක් ඔහු පසු ගිය කාලයේ කර ඇත.

ඔහුට වෙළඳ ලෝකයේ ලැබී ඇති කීර්තිය සහ, කොටස් වෙළඳපොලේ ඉහළම තලයක සිටින්නෙක් ලෙස, මෙය එක වර ඉවත දමන්නට හැකි අනාවැකියක් වන්නේ නැත

සූර්ය ශක්තිය සමඟ තනි තනිව ජනනය වන විදුළිය සහ එහි ගබඩා කිරීමට යන මිළ පහතට වැටෙත්ම, බාහිරෙන් ලැබෙන විදුළියට වඩා එය බොහෝ ලාභදායි වේ. එම බාහිරෙන් ලැබෙන විදුළියට යන මිළ ශුන්යය වුවද, විදුළිය බෙදා හැරීම සඳහා යන මිළක් පවතින බව කීවෙමි. [Transmission cost]. සූර්ය ශක්තිය සමඟ තනි තනිව ජනනය වන විදුළිය සහ එහි ගබඩා කිරීමට යන මුදල කෙමෙන් අඩු වේ.

එසේ හෙයින් ඒ හා තරඟයක් කරන්නට කිසිම විදුළි කොම්පැනියකට නොහැකි වනු ඇත. හේතුව සරළය. කිලෝ වොට් එකකට සූර්ය බල ශක්ති ක්රමයෙන් ලංකාවේ වුවද යන්නේ ඩොලර් ශත කීපයකි. [Note: In US, solar at 5.8 cents /kW is competitive with oil even at 10 USD/ barrel] මේ තත්වය යටතේ ස්වභාවික වායු, ගල් අඟුරු සහ පරමාණුක, මොනයම් ආකාරයේ විදුළි ජනනය කිරීමේ ක්රමයක් වුවද නුදුරු අනාගතයේ පවතින්නේ නැති බව පැහැදිළිය. ඔය කියන තරම් යකා කළු නැත. අවශ්ය වන්නේ, අපට අවශ්ය වන බලය ලබා ගැනීමේ ක්රම වලට,(පුනර්ජනනීය ආකාරයේ ) ඇති හැකි අයුරෙන් අවතීර්ණ වීම පමණි

ටෙස්ලා සමාගම, සුප්රසිද්ධ ජපානයේ පැනසොනික් ඉලෙක්ට්රොනික භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගම සමඟ එක්වී බැටරි නිෂ්පාදණය ආරම්භ කිරීමට යන්නේය. මෙහි ඉතාමත් කුතුහලයක් ගෙන දෙන කාරණයක් වන්නේ, පැනසොනික් සමාගම යන්න ඉලෙක්ට්රොනික භාණ්ඩ නිෂ්පාදනයේ දැවැන්තයෙක් වීමයි. එනම් වාහන නිෂ්පාදනයේ කඩ ඉමක් ඉලෙක්ට්රොනික තාක්ෂනය සම්බන්ද වීමය තව විදියකින් කිවහොත්, මෙතෙක් මෝටර් රථ තාක්ෂනයේ ඒකාධිකාරිය තබා ගෙන තිබුනේ ජපානය, ඇමරිකාව සහ යුරෝපය පමණි.

ඔවුන් තවදුරටත් වාහන නිෂ්පාදනයේ පවතින්න නම්, එක්ව වාහන නිෂ්පාදන කල යුතුය. මක්නිසාද යත් අනාගත වාහන , සම්ප්රදායික වාහන නොවන හෙයිනි. එලන් මස්ක් ගේ ටෙස්ලා සමාගම පැනසොනික් සමාගම සමඟ අත්වැල් බැඳ ගන්නේ මේ හේතුව නිසා විය හැක.

එසේම ඉහත කී චෙවී බෝල්ට් වාහනය නිෂ්පාදනය කරන ඇමරිකාවේ GMC සමාගමට අවශ්ය බැටරි නිෂ්පාදනය, තවත් ඉලෙක්ට්රොනික දැවැන්තක් වන කොරියාවේ LG සමාගම හා එක්ව මහා පරිමාණයෙන් කිරීමට යයි

විදුළි වාහන නිෂ්පාදකයන් සියල්ල එකතු වුවහොත්, වෙනස් ආකාරයේ ආරෝපිත ස්ථානද නොමැතිව, වෙනස් සොකට්ස් ද නැතිව [හෙවත් වාහනය විදුළිය මගින් ආරෝපණය කර ගන්නා පරිපථයේ , ආරෝපණ කොටසට සම්බන්ද වන සම්බන්දකය ] භාවිතා කිරීම කළහොත්, අනාගතයේ ෆොසිල මගින් ක්රියාත්මක වන වාහන වල ආයු කාලය ඉතා කෙටි වන්නට ඉඩ ඇත

ෆොසිල ඉන්ධන භාවිතා නොකරන්නේ නම්, ස්මාර්ට් ෆෝන් එකක් වැනි විදුළි යන්ත්රයක් හෙවත් විදුළි මෝටර් රථයක් තැනීමට වඩාත් හැකියාව ඇතියවුන් වන්නේ චීනය සහ ඉන්දියාවයි. මක්නිසාද යත්, ඔවුන් එම ඉලෙක්ට්රොනික සහ මෘධුකාංග කර්මාන්තයේ පුරෝගාමීන් වීම හේතුවෙනි. ඔබ භාවිතා කරන ස්මාර්ට් ෆෝන් එක නිෂ්පාදනය කර ඇත්තේ මොන රටේ දැයි බැලුවහොත් එය ඔබට වැටහෙනු ඇත.

සෙලවෙන උපාංග දෙදහසක් ඇති ෆොසිල ඉන්ධන වලින් ක්රියාත්මක වන මෝටර් රථ එන්ජිමක් තැනීමට, චීනා එතරම් දක්ෂයෙක් නොවෙන්නට පුළුවන. එහෙත් සෙලවෙන උපාංග 25ක් පමණක් ඇති ඉලෙක්ට්රොනික යන්ත්රයක් චීන්නුන් ට නිෂ්පාදනය කරන්නට කොහෙත්ම අපහසුවක් නැත.මෙහි තේරුම කුමක්ද ?

වේගයෙන් ලොවෙන් ෆොසිල ඉන්ධන ඉවත් වෙමින් පවතින බවය

චීනයේ ෂැන්හයි වැනි ජනාකීර්ණ නගර හැර, ඈත එපිට ගම්මාන වලට විදුළිය දීම , නැසීගිය ජනාධිපති ආර්. ප්රේමදාස මහතා ලංකාවේ හැම ගම්මානයකටම විදුළිය බලය, මණ්ඩලයෙන් දෙන්නට උත්සාහ කලා වගේ වන්නේ නැත. ඇත්ත වශයෙන්ම චීනා කරන්නේ, රටේ ග්රිඩ් එකට කිසිම සම්බන්දයක් නැති, තනි සූර්ය ජනක භාවිතා කිරීමය. එය ඉතා සාර්ථක ක්රමයකි. අපද කල යුත්තේ හැකිතාක් ප්රධාන විදුළියෙන් ඉවත්ව තනි ඒකක වලින් , හුදකළාව ඇති ගම්මාන තුලම විදුළිය නිපදවා බෙදා හැරීමම වේ. මෙහිදී මුළු රටේම විදුළිය එක වර කඩා වැටෙන්නට හේතුවක් නැත

සාමාන්ය මිනිහාට ඔහු භාවිතා කරන විදුළිය, හරියටම තිතට වොල්ට්ස් 230 වෝල්ටීයතාවය සහ, හර්ට්ස් 50 සංඛ්යාතය ඇති බල ශක්තියක් අනවශ්යය. ඒ මොනවාද කියාවත් ඔහු දන්නේ නැත. දැනගන්න ඇති අවශ්යතාවයක්ද නැත. අවශ්ය වන්නේ, දිනකට පැය 10ක් වැනි කාලයක බල ශක්තියක් පමණි. නිවසේ හෝ කඩයේ දැල්වෙන බල්බය වෝල්ට් 230 වුවද වෝල්ට් 12 වුවද, එය ගමේ බුලත් විට විකුණන ජුවානිස් ට අදාළ නැත

එය සෝලාර් පැනල් වලින් බොහෝ සාර්ථකව කරගත හැක. මැටියෙන් වුවද, බළල්ලු මීයන් අල්ලනවා නම් ඒ ඇතිය

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න