Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පී. හැරිසන් මහතා ඇමති ධූරයෙන් ඉල්ලා අස් වෙයිද ?

|Tue,03 Jan 2017 14.57|Political| Page Views : 169

අලුත් පුවත්
ෆොසිල් ඉන්ධන සහ පුනර්ජනනීය ශක්තිය
රංගන මුරලිට දෙවනි වෙයි..
නරක්වූ හාල් මීරිගමින් මාට්ටු..
කථිකාචාර්යවරයෙකු දුම්රියකට බිලි.
කල්පිට්යේ වෙළද සේවා සංගමය පාරට !
පූජකයා තමා දූෂණය කළ හැටි චිත්‍ර‍යකට නැගූ අවුරුදු 5හේ දැරිය
විපක්ෂ නායක අලුත් වැඩකට අත ගහයි..
 
වී නිකුත් කිරීමේදී මෝල් හිමියන්ගෙන් කොමිස් මුදල් ලබා ගත් බවට තමාට ඇතමුන් චෝදනා නඟන බවත් තමා එසේ කළ බවට ඔප්පු කළහොත් තමන් මන්ත්‍රී ධූරයෙන් සහ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සහල් සම්බන්ධයෙන් මේ දිනවල ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, මීට පෙර වී නිකුත් කිරීම කළේ ඇමතිතුමාගේ ලිපියකට අනුව. ඒත් මේ ආණ්ඩුව යටතේ අපි වී අලෙවි මණ්ඩලය හරහා ටෙන්ඩර් කැඳවලා ටෙන්ඩර් පටිපාටියකට අනුව තමා වී නිකුත් කිරීම සිදුකළේ. ඒ වගේම එතන තිබුණ ප්‍රශ්නයක් තමා එකම පුද්ගලයා වී ගන්න ටෙන්ඩර් කිහිපයක් දාන එක. ඒත් ටෙන්ඩර් ලබා දිය යුත්තේ වැඩිම මිලට ටෙන්ඩරය දාලා තියෙන කෙනාට නිසා අපි ඒ අනුව ටෙන්ඩර් ලබා දුන්නා.

වී නිකුත් කිරීම ගැන මුදල් අමාත්‍යාංශයේ කමිටුවක් දාලා තිබුණා.ඒකෙදි තීරණයක් ගත්තා වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වෙන මෝල් හිමියන්ට පමණක් වී නිකුත් කිරීම කළ යුතුයි කියලා. මීට පෙර එහෙම ක්‍රමයක් අනුගමනය කරලා තිබුණෙ නැති නිසා වී අලෙවි මණ්ඩලයට පාඩු වුණා. මේ තීරණය අනුව මෝල් හිමියන් 307 ක් ලියාපදිංචි වුණා. කොහොම වුණත් දිස්ත්‍රික්ක හා සහල් වර්ගය අනුව ඉහළම මිල වෙනස් වෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳව සලකලා බලලා තමා කටයුතු කරන්නෙ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න