Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සකර්බර්ග් ආගමක් ගැන හිතයි...

|Tue,03 Jan 2017 15.22|Miscellaneous| Page Views : 73

අලුත් පුවත්
පී. හැරිසන් මහතා ඇමති ධූරයෙන් ඉල්ලා අස් වෙයිද ?
ෆොසිල් ඉන්ධන සහ පුනර්ජනනීය ශක්තිය
රංගන මුරලිට දෙවනි වෙයි..
නරක්වූ හාල් මීරිගමින් මාට්ටු..
කථිකාචාර්යවරයෙකු දුම්රියකට බිලි.
කල්පිට්යේ වෙළද සේවා සංගමය පාරට !
පූජකයා තමා දූෂණය කළ හැටි චිත්‍ර‍යකට නැගූ අවුරුදු 5හේ දැරිය
 
මෙතෙක් අනාගාමිකයෙකු ලෙස තමන්ව හඳුන්වා ගත් ෆෙස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් අනාගමිකත්වය පිළිබඳව සිය දැක්ම වෙනස් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ආගමක් පිළිබඳව අදහසක් තම ජීවිතයට පැමිණ ඇති බව මාක් සකර්බර්ග් සඳහන් කරන බවයි.

පසුගියදා නත්තල් දිනය වෙනුවෙන්ද ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සුබ පැතුම් පණිවිඩයක් එක් කර තිබුණා. ඔහුගේ එම සුබ පැතුම් පණිවිඩයෙන් පසුව බොහෝ දෙනෙකු ඒ පිළිබඳව සකර්බර්ග්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔබ අනාගාමිකයෙකු නොවේද යනුවෙනි.

තමා පසුගිය කාලසීමාවේදී ඒ පිළිබඳව ප්‍රශ්න කළ බවත් ඒ අනුව තමන් ආගම වැදගත් ලෙස විශ්වාස කරන බවත් ඔහු පවසා තිබෙනවා.

මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ඇමෙරිකාවේ ඇතැම් වෙබ් අඩවි පෙන්වා දෙන්නේ ඔහුගේ බිරිඳ බෞද්ධාගමිකයෙකු වීම හේතුවෙන් සකර්බර්ගේ වැඩි අවධානයක් බුද්ධාගම වෙත යොමුව ඇති බවයි.

එසේම සකර්බර්ග් 2015 වසරේ කළ චීන සංචාරයේදී ඔහු චීනයේ ෂියෑන් හි බෞද්ධ විහාරස්ථානයක ආගමික වතාවත් සඳහාද එක්ව තිබු බව එම වාර්තා පෙන්වා දෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න