Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ධීවර අමාත්‍යාංශය නව වැඩකට අත ගසයි..

|Wed 04 Jan 2016 14:52|Miscellaneous| Page Views : 70

අලුත් පුවත්
ඔබේ ශීර්ෂ රේඛාව අවසන් වෙන ස්ථානය අනුව විශ්මිත අනාවැකි රැසක්( වීඩියෝ) ...
Data ටිකක් නාස්ති වූණාට කමක් නෑ මේක බලන්න කලාතුරකින් දකින්න ලැබෙන වීඩියෝවක් ....
බලගතු ශ්‍රී ලංකාවක් අරලියගහ මන්දිරයේදී අද පෙන්වයි !
Facebook TV ළඟදීම
මාතර කප්පම් කල්ලියේ CCTV වීඩියෝව
ගැබිණි මව ගිලන් රථයෙන් බිමට....
ජනපති ගැන පළවූ තොරතුරු අසත්‍යයි !
 
ධීවර කටයුතු සඳහා ගොස් සිටියදී අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනතුරට ලක්ව දිවි අහිමි වූ ධීවරයින් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත ධීවර අමාත්‍යාංශය වන්දි ලබාදී තිබේ.

පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ ධීවරයින් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත රුපියල් මිලියනය බැගින් වන්දි මුදල් පිරිනැමීම ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදුකළ බව ධීවර අමාත්‍යාංශය සඳහන් කළේය.

ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් සිටි අදාළ ධීවරයින් දෙදෙනා පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනතුරට ලක්වීමෙන් මියගොස් තිබුණි.

රටේ ආර්ථිකය නංවාලීම සඳහා ධීවර ප්‍රජාව විශාල දායකත්වයක් ලබාදෙන බව වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වූ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.

එවැනි පිරිසකට හිරිහැරයක් වූ විට ඔවුන්ට පිහිටවීම රජයේ යුතුකම හා වගකීම බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න