Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාසල් ගුරුවරියක බිය වද්දා අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු කරපු අමානුෂික වැඩේ - වීඩියෝ සහිතයි..

|Wed 04 Jan 2016 20.55|Special| Page Views : 241

අලුත් පුවත්
ෆේස්බුක් නිර්මාතෘ ආගමක් ගැන හිතයි ....
ව්‍යාජ ඇමතුමක් දුන්නාට අයෙක් අත්අඩංගුවට
ධීවර අමාත්‍යාංශය නව වැඩකට අත ගසයි..
ඔබේ ශීර්ෂ රේඛාව අවසන් වෙන ස්ථානය අනුව විශ්මිත අනාවැකි රැසක්( වීඩියෝ) ...
Data ටිකක් නාස්ති වූණාට කමක් නෑ මේක බලන්න කලාතුරකින් දකින්න ලැබෙන වීඩියෝවක් ....
බලගතු ශ්‍රී ලංකාවක් අරලියගහ මන්දිරයේදී අද පෙන්වයි !
 
කොටදෙනියාව - බඩල්ගම ප්‍රදේශයේ පදිංචි පෙර පාසල් ගුරුවරියක බිය වද්දා අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා සිදුකළ පිහි ඇනුම් කිහිපයක් හේතුවෙන් ගුරුවරිය බරපතළ තුවාල ලබා දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කොටදෙනියාව - බඩල්ගම - කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි මෙම ගුරුවරියගේ නිවසට ඊයේ රාත්‍රියේ පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා ඇයට අතවර කිරීමට උත්සාහ කර තිබෙනවා.

අදාළ ගුරුවරියට පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදුකර සැකකරු පළගොස් ඇත්තේ එම උත්සාහය අසාර්ථක වීම හේතුවෙන්.

පසුව අසල්වැසියන් පිරිසක් ඇය අකරගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මීගමුව මුලික රෝහලට ඇතුළත් කෙරුණා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වූ පෙර පාසල් ගුරුවරියක්.

අදාළ සැකකරුගේ අතෙහි ඇඟිල්ලක් වෙන්වන ලෙසට සපා කෑම හේතුවෙන් සැකකරු හඳුනා ගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

මේ අතර, ජනවාරි 1 වැනිදා මාතර බස්නැවතුම්පළේ පිහිටි ආපනශාලාවකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එහි සිටි අයකැමි බියගන්වා රුපියල් 5000 ක මුදලක් ලබාගන්නා ආකාරය වෙළෙඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී තිබුණා.

අදාළ පුද්ගලයින් දෙදෙනා පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

ඔවුන්ගේ රියදුරු බලපත්‍රය පොලිස් භාරයට ගෙන තිබෙනවා.








www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න