Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කාන්තාවක්, විපක්‍ෂනායකට නින්දා කරයි..

|Thu 05 Jan 2016 17.35|Miscellaneous| Page Views : 108

අලුත් පුවත්
දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධිකාරක රැස්විම කොළඹ ද?.
ශිවශක්ති ආනන්දන්ගෙන් ලිපියක්..
ලොතරැයි අලෙවි නියෝජිත වර්ජනයට ජනපති අත දායි.
Dhoni steps down as India’s ODI, T20 captain
රට දෙකඩ කිරීමට ඉඩ නොදෙමු !
කැලෑ එලි පෙහෙලි කර කැල්සයිඩි ව්‍යාපෘති අරඹයි !
පාතාල සාමාජිකයෙක් ඝාතනය කරයි !
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ ටැමිල්වින් වෙබ් අඩවිය වෙතිනි)

“විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාගේ අනුරුවකට ගිනිතබා ඇත. ඔවුන්ව පොලඹවන පුද්ගලයින් විසින් ඔවුන්ගේ ඥාතීන්ව අතුරුදහන් කර ඇත” යනුවෙන් තමිලරසු පක්ෂයේ ලේකම් කේ. තුරෙයිරාජාසිංහම් ප්‍රකාශ කර ඇත.

ගොවීන් 35 දෙනෙකුට ගොවි උපකරණ ලබාදීමේ වැඩසටහන 2017.01.03 වන දින මඩකලපුව වන්දාරමුල්ලෙයි ගොවිජන සේවා මධ්‍යස්තානයේදී පවත්වා ඇත එම වැඩසටහනට සහභාගී වී කතාකල අව්සථාවේදී, ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ මෙම ජනතාව පොළඹවන පුද්ගලයින් කවුද? යන්න අප දන්නෙමු. ඔවුන් අප සමග සිටියි. අපගේ නිවස සලකුනින් ඡන්දය ඉල්ලමින්, අප සමඟ එක්ව කටයුතු කරන මන්ත්‍රීවරු ලෙස සිටියි. නමුත්, එකට ඉඳමින් කුමන්ත්‍රණ කරමින් සිටියි. ඔවුන්ගේ පෙලඹවීම මත එම උද්ඝෝෂණය වව්නියාවේදී පවත්වා ඇත.

අදාළ උද්ඝෝෂණයේදී රූගත කල විඩියෝ පටයක කාන්තාවක්, විපක්‍ෂනායක අර්.සම්බන්ධන් මහතා සම්බන්ධයෙන් නින්දා සහාගතව කතාකරයි. කිසිඳු දමිළයෙකුට ඒ ආකාරයෙන් කතා කිරීමට අයිතියක් නොමැත.

බොහෝ දුක්කරදර ඉවසාගෙන අප වෙනුවෙන් කටයුතු කරමින් සිටින එම නායකයාට, අදාල කාන්තාව ඒ ආකාරයෙන් කතා කිරීම සුදුසුද? අතුරුදහන්කල පුද්ගලයින් පිළිබඳ කරුණ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත රැගෙන ගොස්, වත්මන් රජයට බලපෑම් කර, අතුරුදහන් කල පුද්ගලයින් සඳහා වන කාර්යාලයක් මේ වනවිට කොළඹ පිහිටුවා ඇත.

එම කාර්යාලය පිහිටුවීමට විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් විශාල දායකත්වයක් ලබාදි ඇත. මෙවැනි පසුබිමකදී, කිසිඳු පදනමක් නොමැතිව පෙලඹවිම මත උද්ඝෝෂණ පවත්වා, අතුරුදහන් කල පුද්ගලයින් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදිය යුතු බව ප්‍රකාශ කරනු ඇත.

එවැනි ගැටළු අපගේ ප්‍රදේශයන්හි සිදුවෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් සියළු‍දෙනා අවබෝදයකින් සිටිය යුතුය” යනුවෙන් කේ. තුරෙයිරාජාසිංහම් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න