Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තාජුඩීන්ගේ මරණයේ තතු හෙළි වෙන ලකුණු..

|Fri 06 Jan 2017 13:13|Security| Page Views : 246

අලුත් පුවත්
No application from Sri Lanka for world record recognition
U.S. spy chief ‘resolute’ on Russia cyber attack
දක්ෂිණ සංවර්ධන සැලැස්ම හෙට..
විමල් හදිසියේම අත්අඩංගුවට !
ශෂිකලා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි
මෝටර් රථ ආඥාපනතේ සංශෝධනයක්..
ත්‍රිරෝද රථයක හා වෑන් රථයක ගැටී 2ක් නසී..
 
හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවූ දින රාත්‍රියේ ඔහුගේ වාහනය පසුපස හඹාගිය වාහනයේ සිටි පුද්ගලයෙකු පිළිබද කරුණු හෙළි වි තිබෙනවා.රහස් පොලීසිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නා.

අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිරාන් රත්නායක අධිකරණය හමුවේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. මරණකරුගේ පසුපසින් පැමිණි පුද්ගලයා සම්බන්ධයෙන් වූ වැඩිදුර පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන බව ද ඩිරාන් රත්නායක කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ වැඩිදුටත් කියා සිටියා.

මේ අතර එම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනනායක හා නාරහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා යන අය ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න