Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මෙහයුම් කමිටුව 2017.01.05 හා 06 යන දිනයහිදී රැස්වෙයි..

|Fri 06 Jan 2017 17:48|Security| Page Views : 78

අලුත් පුවත්
ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු දැලේ..
Wele Suda’s mother and cousin arrested with heroin
Sri Lanka likely to receive GSP + trade concession next week
වරාය පෞද්ගලිකකරණය නොකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ !
ටෙලිකොම් සේවකයන්ට වැට බදී...
තිසර පෙරේරා ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කරයි..
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ ටීටීඑන් වෙබ් අඩවිය වෙතිනි)

“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ආග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සියළු දේශපාලන පක්‍ෂ නියෝජනය කරන අන්දමින් පත්කර ඇති නියෝජිතයින් 21 දෙනෙකුගෙන් සමන්විත මෙහයුම් කමිටුව 2017.01.05 සහ 06 යන දිනයහිදි රැස්වීමට නියමිතය.

මූලික මිනිස් අයිතිවාසිකම්, අධිකරණ ක්‍ෂේත්‍රය, නීතිය හා සාමය, පොදු නීතිය, පොදු සේවා, මධ්‍යම රජයට සහ පළාත් සභා අතර සම්බන්ධතා යනාදි කරුණු 06 සම්බන්ධයෙන් කටයුතු කිරීමට වෙන් වෙන් වශයෙන් උප කමිටු පත්කර තිබුණි.

අදාල කමිටු තම වර්තා සක්ස් කර, ඉදිරිපත් කර ඇති අතර, මෙහයුම් කමිටුවේ අතුරු වාර්තාව, 2016.12.10 වන දින රැස්වූ ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන බවට නිවේදනය කර තිබුණි. නමුත්, මෙහයුම් කමිටුවේ සියළු නියෝජිතයින් ඒකමතික තීරණයකට නොපැමිණීම හේතුවෙන්, අතුරු වාර්ථාව සකස් කර තිබුනත්, එදින එම වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත.

ඒ කෙසේ වෙතත්, උප කමිටු විසින් ඉදිරිපත් කර ඇති අතුරු වාර්තා පිළිබඳ විවාද 2017.01. 09,10 සහ 11 යන දිනයන්හිදි පැවැත්වීමට තීරණය කර ඇත. මෙවැනි පසුබිමකදී, 2017.01.09 වන දින පැවැත්වීමට නියමිත ව්‍යවස්ථාදායක සභා රැස්විමේදී,

මෙහයුම් කමිටුවේ අතරු වාර්තාව ඉදිරිපත් කිරීමට හැකි අවස්ථාවක් ඇත” යනුවෙන් මෙහයුම් කමිටුවේ නියෝජිතයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න