Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උසස් පෙළ ප්‍රතිඵල එයි

|Sat,07 Jan 2016 08.36|Security| Page Views : 99

අලුත් පුවත්
හම්බන්තොට ආයෝජන කලාපය විවෘත කිරීම අද
මෙහයුම් කමිටුව 2017.01.05 හා 06 යන දිනයහිදී රැස්වෙයි..
ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු දැලේ..
Wele Suda’s mother and cousin arrested with heroin
Sri Lanka likely to receive GSP + trade concession next week
වරාය පෞද්ගලිකකරණය නොකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ !
ටෙලිකොම් සේවකයන්ට වැට බදී...
 
2016 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන http://www.doenets.lk වෙත පිවිසීමෙන් එකී ප්‍රතිඵල දැන් ලබාගත හැකි බවයි.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප වලට අයත් පාසල් වල අද(07) දින පෙරවරු 10.00න් පසුව විදුහල්පතිවරුන්ට ප්‍රතිඵල නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

අනෙකුත් පාසල් වල ප්‍රතිඵල තැපැල් මගින් යොමු කෙරෙන අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේප්‍රතිඵලද ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ජනවාරි 23 වන දිනට පෙර ඒ සඳහා අයදුම් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

පසුගිය වර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් දෙලක්ෂ හැටතුන්දහස් 550 දෙනෙකු විභාගයට පෙනී සිටියේය.

2016 උසස් පෙළ විභාගය ඉකුත් අගෝස්තු මස 2 වෙනිදා සිට 27 වෙනිදා දක්වා පැවැත්වුණි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රතිඵල ලබාගැනීම සඳහා දක්වා ඇති ස්ථානයේ නිවැරදි විභාග අංකයම ඇතුළත් කරන ලෙසයි.

විභාග අංකය වැරදි ලෙස සඳහන් කළහොත් නිවැරදි ප්‍රතිඵල ලබාගත නොහැකි බව අවධාරණය කර තිබේ.

මීට අමතරව ඩයලොග් සිම් පතක් භාවිතා කරනු ලබන ජංගම දුරකථන මගින් Exam යනුවෙන් ටයිප් කොට (Space)තබා තම විභාග අංකය ටයිප් කොට 7777ට යොමු කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

මේ පිළිබද වැඩිදුර විමසීමක් අවශ්‍ය නම් 1911 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතිය හැකිය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න