Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙසේ අදහස් දක්වයි..

|Sat,07 Jan 2016 13.28|Security| Page Views : 75

අලුත් පුවත්
සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සිදුවුයේ කුමක්ද?
U.S. ambassadors appointed by Obama must quit
එච්.අයි.වී ආසාදිතයන්ගේ වැඩිවීමක්
ඉන්දීය ධීවරයින් 50ක් නිදහස්
අනතුරින් තරුණයින් දෙදෙනෙකු ජිවිතයෙන් සමු ගනී
Two nabbed with stock of dried sea cucumbers and shark fins
Five killed in shooting at Florida airport
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ ටීටීඑන් වෙබ් අඩවිය වෙතිනි)

විල්පත්තුව ගැටළුව ඇතුළු මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කර, විසඳීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා හමුවීමට කැමැත්තෙන් පසුවන බව මුස්ලිම් අමාත්‍යවරු සහ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2017.01.05 වන දින ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා ඇතුළු රජය මෙම කරුණ සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වා, එය විසඳීම ප්‍රමාද කළහොත් තත්වය භායානක වනු ඇති බව මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනතුරු අඟවා ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සංවිධායකත්වයෙන් 2017.01.05 වන දින කොළඹ රේනුකා හෝටලේදී පැවැත්වූ විල්පත්තුව ගැටළුව පිළිබඳ පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවට, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රධානත්වයෙන් සහභාගි වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ බුද්ධිමතුන් මේ බව ප්‍රකාශ කර ඇත. මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති එන්.එම්.අමීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී, කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය මෙන්ම සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මෙහිදී අදහස් දක්වා ඇත.

උතුරු පළාතේ ජීවත්වූ මුස්ලිම් ජනතාව පලවාහැර වසර 26ක් ගතවී ඇත. යුද්ධය අවසන් කිරීමෙන් පසුත්, ඔවුන්ට තම ඉඩම්වල පදිංචිවීමට නොහැකි වී ඇත. යහපාලන රජය බලයට පත්වීමෙන් පසු හෝ අපගේ ජනතාවට නිදහස ලැබෙනු ඇතැයි යන්න විශ්වාස කළෙමු. උතුරු පළාතෙන් පලවාහැරීමෙන් පසු, අවතැන්වූ අපගේ ජනතාව ඔවුන්ට හිමි ඉඩම්වල පදිංචි කරන බවට යහපාලන රජය ආරම්භයේදී පොරොන්දු විය. නමුත්, එය මේ දක්වා ඉටුකර නොමැත.

මුස්ලිම් ජනතාව නැවත පදිංචි කර ඇති ඉඩම් සහ විල්පත්තුව අභයභුමීය අතර කිසිඳු සම්බන්ධතාවයක් නොමැත. මෙම ගැටළුව ඇතිකළ පුද්ගලයින් ප්‍රකාශ කරන මරුදමඩු, වෙප්පම්කුලම්, විලාත්තිකුලම් යනාදී ප්‍ර‍දේශ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටා ඇත.

මෙම ප්‍රදේශ කිසිඳු අයුරකින් විල්පත්තුව අභය භුමීයට අයත් නොවනු ඇත. ජාතිවාදී පාර්ශව අසත්‍ය තොරතුරු තබාගෙන මාධ්‍ය විකෘති කිරීමට උත්සාහ කරමින් සිටියි. ඇතැම් මාධ්‍යයන් ජාතිවාදී අදහස්වලට ප්‍රමුඛත්වය ලබාදී ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටියි. කුමන පවක් කලාටද මේ ආකාරයෙන් මුස්ලිම් ජනතාව මුලාකරන්නේද යන්න නොදන්නෙමි.

ත්‍රස්තවාදයට විරුද්ධව දේශාභිමානී හැඟීමෙන් ජීවත්වන මුස්ලිම් ජනතාවට සාධාරණය ඉටුවිය යුතුය යන එකම කරුණ ‍හේතුවෙන්, මේ අකාරයෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වන්නෙමු. වසර 26කට පෙර, උතුරු පළතෙන් පළවාහැරිය මුස්ලිම් ජනතාව අනාථයින් ලෙස අවතැන් කඳවුරු වල ජීවත්විය යුතුද?.විමුක්ති කොටි සංවිධානය විසින් පිහිටවූ දෙමළ ජාතික සන්ධානය මෙම කරුණට මැදිහත්වීම ඉතා වැදගත්වනු ඇත.

යාපනයේ සිට පලවාහැරිය මුස්ලිම් ජනතාවටත්, මන්නාරම සහ මුලතිව් ඇතුළු උතුරු පළාතෙන් පලවාහැරිය ජනතාවටත් ප්‍රමාද නොකර යුක්තිය ඉටුකර දිය යුතුය. මේ වන විට උතුරු පළාතේ මුස්ලිම් ජනතාව දැඩි අසීරුතාවයකට පත්වී සිටියි. පසුගිය රජයෙන් යුක්තිය ඉටුවනු ඇතැයි යන්න විශ්වාස කර මුලාවට ලක්වී ඇත්තෙමු. ඉන් පසු, මෛත්‍රී - රනිල් යහපාලනය රජය පිළිබඳ දැඩි විශ්වාසයක් තැබුවෙමු.

එම විශ්වාසයත් මේ වන විට බිඳවැටීමට ලක්වී ඇත. එබැවින්, අප ඒකාබද්ධ වී එක් විසඳුමකට පැමිණිය යුතු බවට තීරණය කර ඇත්තෙමු යනුවෙන් රිෂාද් බදියුදීන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න