Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජාතික සන්ධානය විහිළුවක් වෙලා

|Sun,08 Jan 2016 08.12|Political| Page Views : 92

අලුත් පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 කට රතු නිවේදන ..
හම්බන්තොට ආයෝජන කලාපය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශයක්...
23 ක් බන්ධනාගාරයට තවත් පිරිසක් සොයා පොලිස් මෙහෙයුම්
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙසේ අදහස් දක්වයි..
සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සිදුවුයේ කුමක්ද?
U.S. ambassadors appointed by Obama must quit
 
ගත වූ වසර දෙකේ දී දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු වී නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් පවසනවා.

ඔහු කියා සිටියේ දෙමළ ජනතාව ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරෙන දේශපාලන විසඳුමකට කැමැත්තෙන් සිටිය ද වර්තමාන රජයෙන්ද එම අවශ්‍යතාව ඉටුවන බවක් පෙනෙන්නට නොමැති බවයි. හිටපු මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ යාපනයේ දී මාධ්‍ය අමතමින්.

උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදාහැරෙන නව ව්‍යවස්ථා සංශෝධනයක් කඩිනමින් සිදු කරන බවට වත්මන් රජය පොරොන්දු වූ බවයි ඔහු කියා සිටියේ.

දෙමළ ජාතික සන්ධානය රජයට සහය පළ කළේ එම පොරොන්දුව ඉටුවනු ඇතැයි යන අපේක්ෂාවෙන් බව ද හිටපු මන්ත‍්‍රීවරයා මෙහිදී සඳහන් කළා.

එහෙත් පවතින තත්වය යටතේ දෙමළ ජනතාව අතර පවා දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් ලෙස විහිළුවකට ලක්ව ඇති බවයි ඔහුගේ අදහස වන්නේ.

මෙවැනි පසුබිමක ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයින් ලෙස තවදුරටත් රැඳී සිටිනවාදැයි ආර්. සම්බන්ධන් පක්ෂ නායකවරයා හා එම්. ඒ. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා තීරණය කළ යුතු බව ද ඔහු සඳහන් කළා.

කඩිනමින් රජය සමග සාකච්ඡා කර තීරණයක් ගතයුතු බවයි සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් හිටපු මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න