Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඩග්ලස් දේවානන්දා කොළඹදී කළ ප්‍රකාශය..

|Sun,08 Jan 2016 10.05|Miscellaneous| Page Views : 58

අලුත් පුවත්
නොසන්සුන් වූ හම්බන්තොට අදත් STF ආරක්ෂාව (VIDEO)
මිශ්‍ර අධිකරණයක් පිහිටවිය යුතු බවට නිර්දේශ කරයි..
අපි පාවිච්චි කරන්නෙ අවම බලය - ජපාන පොලීසිය ..
සිරකරුවන් 285 ට නිදහස ලැබෙයි ...
Germany says EU break-up not unthinkable
දෙමළ ජාතික සන්ධානය විහිළුවක් වෙලා
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ තමිල්වින් වෙබ් අඩවිය වෙතිනි)

දෙමළ ජනතාවගේ දේශපාලන බලාපොරොත්තු ඉටුනොකරන කිසිඳු විසඳුමක් දෙමළ ජනතාව පිළිනොගනු ඇත යනුවෙන් ඊපීඩීපී පක්‍ෂයේ ලේකම් ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත සහ එහි වත්මන් ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සමඟ හමුවක් 2017.01.06 වන දින කොළඹ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ කාර්යාලයේදී පවත්වා ඇත. මෙම සාකච්ඡාවට සහභාගි වී අදහස් දැක්වූ අවස්ථාවේදී ඩග්ලස් දේවානන්දා මේ බව ප්‍රකාශ කර ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්‍ බොහෝ පුද්ගලයින් විවිධ අදහස් ඉදිරිපත් කළත්, දෙමළ ජනතාව තවමත් තම විශ්වාසය අත්හැර නොමැත. එබැවින්, ජාතික ජනවාර්ගික ගැටළුව සඳහා වන විසදුමක් ලබාදීමට හැකි නිර්දේශ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතු බව අපගේ කැමැත්තයි.

දෙමළ ජනතාවගේ දේශපාලන බලාපොරොත්තු, දකුණේ දේශපාලන පක්‍ෂවලට පැහැදිලි කිරීමත්, අර්ථවත් ජාතික සංහිඳියාවක් ඇතිකරන විටදී ජාතීන් අතර සමගිය ගොඩනැගීමට හැකිය යන කරුණු අරමුණු කරගෙන, දකුණේ දේශපාලන පක්‍ෂ සහ ප්‍රජා සංවිධාන සමඟ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් සිටියි. එහි එක් අධියරයක් ලෙස එම සාකච්ඡාව පැවැත්වුයෙමු.

ජනතාවගේ මූලික ගැටළු සහ ඒ සඳහා වන දේශපාලන විසඳුමක්, ජාතික සංහිඳියාව අර්ථවත් අන්දමින් ගොඩනැගීම සඳහා වන අවශ්‍යතාවය සහ වත්මන් දේශපාලන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළෙමු. දෙමළ ජනතාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා තමන්ට සාධාරණ දේශපාලන විසඳුමක් ලැබෙනු ඇතැයි යන්න විශ්වාසයෙන් සිටියි.

දෙමළ ජනතාවගේ දේශපාලන බලාපොරොත්තු ඉටුකරන අන්දමින් දේශපාලන විසඳුම සකස් විය යුතුය. දකුණේ මේ වන විට හිස ඔසවා ඇති දේශපාලන මතභේද හේතුවෙන්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා වන අවස්ථාව පැහැර නොහැරිය යුතුය. ජාතික ජනවාර්ගික ගැටළුවට විසදුමක් දැකීමට ලැබෙන අවස්ථා ආරක්‍ෂා කිරීමට අපගේ පූර්ණ දායකත්වය ලබාදෙන්නෙමු යනුවෙන් ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කර ඇත.

මෙම සාකච්ඡාව ඩග්ලස් දේවානන්දාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර, එම පක්‍ෂයේ පරිපාලකයින්ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න