Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පළමු පාර්ලිමේන්තු රැස්වීම ඉතිහාසයට එක් වෙයිද?.

|Mon,09 Jan 2017 06:12|Political| Page Views : 65

අලුත් පුවත්
ධීවරයින් 09ක් නීතියේ රැහැනට....
මුදල් නෝට්ටු විකෘති කළොත් වැඩ වරදී..
හම්බන්තොට වුනේ මොකක්ද !
හම්බන්තොට දැන් සන්සුන් ...
දැව ජාවාරම්වල නිරතවූ 6ක් මාට්ටු
ඇවන්ගාඩ්ට මිලියන 840ක් ගෙවන්නැයි රක්නා ලංකාට නියෝගයක් ...
රසකැවිලි වෙන් කරගන්න ට්‍රැෆික් ලයිට් ..
බස්වල යන මගීන්ටත් දඩ..
 
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (09) පැවැත්වෙනවා. පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවේ උදෑසන 9.30ට රැස්වීම ආරම්භ කෙරෙන බවයි.

මෙම වසර තුළදී වැදගත් පනත් රැසක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේ වෙතත් අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතු කෙටි කාලයකට සීමාවනු ඇති බවද වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වීමට මීට පෙර තීරණය කර තිබුණත් එය පසුව වෙනස්වීමයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ මෑත කාල සීමාවේ වසරක් ආරම්භ වන අවස්ථාවේ පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු රැස්වීම කෙටි කාලයකදී අවසන් වන දිනයක් ලෙස අද දිනය ඉතිහාසයට එක්වනු ඇති බවයි.

රට නිවැරදි දිශාවට යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුව වේදිකාවක් කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවද දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න