Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්...

|Mon,09 Jan 2017 07:40|Political| Page Views : 124

අලුත් පුවත්
පළමු පාර්ලිමේන්තු රැස්වීම ඉතිහාසයට එක් වෙයිද?.
ධීවරයින් 09ක් නීතියේ රැහැනට....
මුදල් නෝට්ටු විකෘති කළොත් වැඩ වරදී..
හම්බන්තොට වුනේ මොකක්ද !
හම්බන්තොට දැන් සන්සුන් ...
දැව ජාවාරම්වල නිරතවූ 6ක් මාට්ටු
ඇවන්ගාඩ්ට මිලියන 840ක් ගෙවන්නැයි රක්නා ලංකාට නියෝගයක් ...
රසකැවිලි වෙන් කරගන්න ට්‍රැෆික් ලයිට් ..
 
සීමා නීර්ණ අභියාචනා කමිටුව සහ දේශපාලන පක්ෂවල නායකයින් අතර සාකච්ඡාවක් අද(09) දිනයේ පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙම හමුව සංවිධානය කර තිබේ.

සීමා නීර්ණ අභියාචනා කමිටුවේ වාර්තාව මේ වන විට සකස් කර ඇති අතර එක් සාමාජිකයෙකු මෙතෙක් අදාළ වාර්තාවට අත්සන් තබා නොමැති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කමිටුවට පත් කළ ඒ.එස්.එම්.මිස්බා මහතා මෙලෙස අත්සන් තබා නොමැති අතර ඔහු තවදුරටත් එය අධ්‍යයනය කරමින් සිටින බවට දැනුම් දී තිබේ.

කෙසේවෙතත් ඔහුගේ අත්සනින් තොරව අද දිනයේ පැවැත්වෙන සාකච්ඡාවට සීමා නීර්ණ කමිටු අවසන් වාර්තාව ඉදිරිපත් කරන බව කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් එක් කමිටු සාමාජිකයෙකුගේ හෝ අත්සන නොමැතිව සීමා නීර්ණ අභියාචනා කමිටු අවසන් වාර්තාව බාරගත නොහැකි බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා සඳහන් කළේය.

මේ අතර පනතේ පවතින තාක්ෂණික ගැටළු පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වමින් ඉදිරි කටයුතු සිදු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස පැෆරල් සංවිධානය ඉල්ලීමක් කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න