Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇප ඉල්ලා වීදි බසී..

|Mon,09 Jan 2017 12:49|Miscellaneous| Page Views : 112

අලුත් පුවත්
සයිබර් ප්‍රහාර ගැන මම සිටියේ අවතක්සේරුවකින් ...
Delimitation Appeals Review Committee to meet party leaders
විදුලිය මිලට ගැනීමට සැරසේ.
බෝම්බ බියක් මවා දුම්රිය නැවතූ සිසුවියගේ නොදත් කතාව...
පවුල් 370ට සින්නක්කර ඔප්පු..
President, PM urge people to rally for true prosperity
උ.පෙ සිසුන් අසුවකගේ ප්‍රතිඵල අත්හිටුවයි ...
මිශ්‍ර අධිකරණ යාන්ත්‍රණයක් පිහිටවිය යුතු බව අවධාරණය කර යෝජනාවක්..
 
අම්බලන්තොට - මිරිජ්ජවිල ප්‍රදේශයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර භික්ෂූන් වහන්සේට සහ ප්‍රදේශවාසීන්ට පහරදුන් බවට චෝදනා කරමින් වීරවිල ප්‍රදේශයේදී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ සහ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් තිස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ වීරවිල මංසන්දියේ සිට සාමකාමීව විරෝධතාවයක නිරත වන බව සඳහන් කළේය.
හම්බන්තොට - මිරිජ්ජවිල කර්මාන්ත පුරයට මුල්ගල් තැබීම පසුගිය 07 වනදා සිදු කළ අතර ඊට එරෙහිව අධිකරණ නියෝග නොතකමින් භික්ෂුන් වහන්සේ, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් විරෝධතා ව්‍යාපාරවල නිරත වුණි.
එහිදී දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කිරීමට ද පොලීසියට සිදු වුණි.
එහිදී විරෝධතාකරුවන් ද පොලීසියට ගල් මුල් වලින් ප්‍රහාර එල්ල කළ අතර සිද්ධියෙන් පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් තුවාල ලැබීය.
සිද්ධියට අදාළව මේ වන විට 50කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඔවුන්ට ඇප ලබාදෙන ලෙස විරෝධතාවයේ නිරත වීරවිල ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න