Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දියවන්නාවේ කිඹුලන්ට එරෙහිව කථානායකට ලිපියක් !

|Mon,09 Jan 2017 14:15|Security| Page Views : 77

අලුත් පුවත්
China’s 4G users rise up to 734 million
ඇප ඉල්ලා වීදි බසී..
සයිබර් ප්‍රහාර ගැන මම සිටියේ අවතක්සේරුවකින් ...
Delimitation Appeals Review Committee to meet party leaders
විදුලිය මිලට ගැනීමට සැරසේ.
බෝම්බ බියක් මවා දුම්රිය නැවතූ සිසුවියගේ නොදත් කතාව...
පවුල් 370ට සින්නක්කර ඔප්පු..
President, PM urge people to rally for true prosperity
 
පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේ කිඹුලන් ඇති බැවින් කිඹුලන්ගෙන් ප්‍රවේශම් වන ලෙස දක්වා ඇති පුවරුව දමිළ භාෂාවෙන්ද දැක්විය යුතු බවට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය ඉල්ලීමක් කර තිබේ.

කථානායක කරූ ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් එම ඉල්ලීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

කිඹුලන් විසින් පදිකයින්ට හානි සිදු කළ හැකි බැවින් ජීවිත ආරක්ෂාව සඳහා සිංහල භාෂාවෙන් අදාළ දැන්වීම් පුවරුව සවිකර තිබේ.

එහෙත් සිංහල භාෂාව නොදන්නා ජනතාවට දියවන්නා ඔයේ කිඹුලන් සිටින බවට දැනුවත්වීමට අවස්ථාව නොමැති බව සඳහන් කරන රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය පෙන්වා දෙන්නේ එය රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමක් බවයි.

ඒ හේතුවෙන් කඩිනමින් අදාළ දැන්වීම දමිළ භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්ද සවි කිරීමට අවධානය යොමු කරන ලෙස එම ව්‍යාපාරය කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

කථානායකවරයා වෙත යොමු කළ ලිපියේ පිටපත් රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා වෙත සහ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය වෙත යොමු කර ඇති බව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න